ඇති වූ නියං තත්ත්වය හේතුවෙන් මෙවර යල කන්නයේ වගා කළ කුඹුරුවලට සිදුවූ හානි සඳහා වන්දි ලබාදීමට රජය තීරණය කර තිබෙනවා.
ඒ අනුව කෘෂිකර්ම අමාත්‍යවරයාගේ උපදෙස් පරිදි හෙක්ටයාරයකට රුපියල් ලක්ෂයක් වන ලෙස ගොවීන්ට වන්දි ගෙවීමට තීරණය කර ඇති බවයි වාර්තා වන්නේ.
මේ වන විට නිලධාරින් වගා හානි වූ කුඹුරුවල තොරතුරු රැස්කරමින් සිටින අතර, ගොවීන්ට තම හානියට පත් කුඹුරුවලට වන්දි ලබා ගැනීමට ඇත්නම් කෘෂි පර්යේෂණ නිලධාරීන් සහ අදාළ රජයේ නිලධාරීන් දැනුවත් කරන ලෙසයි කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලයේ සභාපති පේමසිරි ජාසිංආරච්චි පවසන්නේ.













