කළුතර, මල්වත්ත බන්ධනාගාරයේ නියාමකවරයෙක්ට රැඳවියෙක්ගෙන් මරණ තර්ජන එල්ල වූ බවට කළුතර දකුණ මූලස්ථාන පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් වී තිබෙනවා.
පැමිණිල්ල සිදුකර ඇති නියාමකවරයා, අසනීපව කළුතර නාගොඩ ශීක්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබන රැඳවියකුගේ ආරක්ෂාවට යොදවා සිට ඇති අතර, බන්ධනාගාර නියාමකවරයාට සැකසිතී රැදවියාගේ ගමන් මල්ල පරීක්ෂා කර දුම්කොළ ඉරු කෑලි 08ක් සොයාගෙන තිබූ බවත්, ඉන්පසු රැඳවියා කලහකාරී ලෙස හැසිරී තමන්ට මරණ තර්ජන කළ බවට අදාළ නියාමකවරයා පැමිණිල්ලේ සඳහන් කර ඇති බව පොලිසිය පවසනවා.
බන්ධනාගාර අධිකාරිය වෙතද මේ සම්බන්ධයෙන් පැමිණිල්ලක් කර ඇති අතර, බන්ධනාගාරයෙන් ද මේ සම්බන්ධයෙන් අභ්‍යන්තර පරීක්ෂණ සිදුකරන බවද වාර්තා වනවා.













