ඊශ්‍රායල් රැකියා අපේක්ෂකයන්ගේ විරෝධතාවයට සජිත් සහභාගී වෙයි (වීඩියෝ)

ඊශ්‍රායල් රැකියා අපේක්ෂකයන්ගේ එකමුතුව විසින් අද (06) පාර්ලිමේන්තු පාලම, වටරවුම අසල විරෝධතාවයක නිරත වුණා.

වත්මන් ආණ්ඩුව පොරොන්දු වූ පරිදි ඊශ්‍රායලයේ ඉදිකිරීම් අංශයේ රැකියා සඳහා තවමත් එම පිරිස ඊශ්‍රායලය කරා යෑමට අවශ්‍ය කරන වැඩපිළිවෙල ඉටු නොකළ බවට පවසමින් ඔවුන් මෙම විරෝධතාවය සංවිධානය කර තිබුණා.

3000 අධික පිරිසකගේ විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ වෙබ් අඩවියේ නම් සඳහන් කර තිබුණ ද, පිටත්කර යැවීමේ දිනයක් සම්බන්ධයෙන් නිශ්චිතව ප්‍රකාශ කර නොමැති බවද විරෝධතාවයේ නිරත වූවන් සඳහන් කළා.

මේ අතර එම විරෝධතාවය අතරතුර එම ස්ථානයට පැමිණි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මේ සම්බන්ධයෙන් කරුණු විමසීමක් ද සිදු කළා.

පසුව මාධ්‍ය වෙත අදහස් දැක්වූ විපක්ෂ නායකවරයා සඳහන් කළේ, ඊශ්‍රායල රැකියා සඳහා සුදුසුකම් ලැබූ 3500ට සාධාරණයක් ඉටු කළ යුතු බවත්, මෙම පිරිස අඩු පිරිවැයක් වැයවන ආකාරයට ඊශ්‍රාලයට යැවීමට කටයුතු කළ යුතු බවත්, ඊශ්‍රාලය සමඟ සාකච්ඡා කර රජයේ මාර්ගයෙන් යාමට හැකි ක්‍රමවේද වැඩි කළ යුතු බවයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඉන්දියාවෙන් ජනපතිට මැතිවරණය තියන්න කියලද ?අපිට හංගන්න කිසිම දෙයක් නෑ
05:30
Video thumbnail
ඊශ්‍රාලයට යන්න ඉන්න අය වෙනුවෙන් හඬ නැගූ සජිත් - ඊශ්‍රායලයට යන්න ඕනි ලක්ෂ 4යි
04:52
Video thumbnail
Dasatha Vimasuma|ආණ්ඩුව ගැන ජනතා අදහස් "ආණ්ඩුව මාර සැපක් දෙන්නේ..කතා කරලා වැඩක් නෑ"
02:30
Video thumbnail
ගිනි ගත් මහජන පොළ නිසා මිනිස්සු අසරණවෙයි - කාටද මේ දුක කියන්නේ ?මිනිස්සු වැදලා ජනපතිගෙන් ඉල්ලපු දේ
15:12
Video thumbnail
මරික්කාර් නැගිටලා ආණ්ඩුවෙන් ප්‍රශ්න කරයි - එක කට්ටියක් බදු ගෙවනවා තව කට්ටියක් ගෙවන්නේ නෑ
06:24
Video thumbnail
සංචාරක ජලමාර්ග බෝට්ටු සේවාව තාවකාලිකව අත්හිටුවයි - මසුන් ඇල්ලීමේ කටයුතු අඩාලවෙලා
01:40
Video thumbnail
අජිත් - අරුණ පාර්ලිමේන්තුවේ පැටලෙයි - දිවිය ලෝකයේ ඉදලා ආපු කෙනෙක්නේ..Track පැනලද ?
08:20
Video thumbnail
කැලඹුණු කාලගුණයේ නවතම තත්ත්වය මෙන්න - අද රාත්‍රියේන් පසු 100mm දක්වා තද වැසි
11:00
Video thumbnail
පානදුරේ පාපැදි හොරා - කුරුමාණම අල්ලලා නවතා තිබූ පාපැදිය ඉස්සූ හැටි
00:39
Video thumbnail
පානදුරේ පාපැදි හොරා - කුරුමාණම අල්ලලා නවතා තිබූ පාපැදිය ඉස්සූ හැටි
01:12