අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් හමුවීමට අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර සහ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස අද (06) කොළඹ අගරදගුරු නිල නිවස වෙත පැමිණියා.
විනිසුරුවරුන්ගේ විශ්‍රාම යාමේ වයස් සීමාව ඉහළ දැමීම සම්බන්ධයෙන වන ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් කාදිනල් හිමිපාණන්ව දැනුම්වත් කිරීම මෙහි අරමුණ වී තිබෙනවා.
මෙම හමුවෙන් පසු මාධ්‍ය වෙත අදහස් දැක්වූ අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර සඳහන් කළේ, සිදුකිරීමට යන මෙම ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳව කාදිනල් හිමිපාණන් දැනුවත් කළ බවත්, එහිදී ජනතාවට සහනයක් වන සියලුම දේ කිරීමට උන්වහන්සේ උපදෙස් දුන් බවයි පැවසුවේ.













