Empty Ad
Empty Ad
AFC Banner

මෙරට දෙවන අගවිනිසුරුවරිය දිවුරුම්දීම අද

මෙරට නව අගවිනිසුරු ලෙස ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මුර්දු ප්‍රනාන්දු මහත්මිය, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරියේ අද (02) දිවුරුම් දීමට නියමිතව තිබෙනවා.

අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතා විශ්‍රාම යාමත් සමඟ එම තනතුර සදහා මුර්දු ප්‍රනාන්දු මහත්මිය නම්කරනු ලැබුවා.

මුර්දු ප්‍රනාන්දු මහත්මිය සැළකෙන්නේ මෙරට අගවිනිසුරු ධූරයට පත්වූ දෙවන කාන්තාව ලෙසටයි.

මෙරට පළමු අගවිනිසුරුවරිය ලෙස කටයුතු කළේ ආචාර්ය ශිරාණි බණ්ඩාරනායක මහත්මියයි.

නීතිපති දෙපාර්තමේන්තුවට 1985 වසරේ දී එක් වූ මුර්දු ප්‍රනාන්දු මහත්මිය 1997 වසරේ දී නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ධුරයට පත් වුණා.

පසුව 2014 වසරේ දී අතිරේක සොලිසිටර් ජනරාල් ධුරයට ඇය උසස්වීම් ලැබුවා.

2018 වසරේ දී ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරියක් ලෙස පත් වු ඇය; 2024 වසරේ ඔක්තෝබර් 10 වනදා වැඩබලන අගවිනිසුරුවරිය ලෙස පත් වුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
2
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සීසර්ලා එක්ක එකතුවෙලා OIC දාපු සෙල්ලම් මාට්ටු - මෙන්න හඬපටය
30:47
Video thumbnail
බලශක්ති ඇමතිගෙන් විශේෂ ප්‍රකාශයක්
01:13
Video thumbnail
මොනවා නැතත් හැමදාම Show නම් දානවා - වසන්ත අද කියන පම්පෝරිය
05:50
Video thumbnail
විදුලි බිල අඩුකිරීම අවුරුද්ද පුරා කරන්න
07:37
Video thumbnail
චීනෙට ගුඩ් බායි කියා මහ රෑ දිවයින ආපු ජනපති
02:34
Video thumbnail
ජාතික කාන්තා එකමුතුව ෆයර් වෙයි - ආණ්ඩුව දාන වෙට්ටු වලට මේන් පිළිතුරු
09:46
Video thumbnail
KASTHIRAMA | ජාජබ පා.ම චන්දන සූරියආරච්චි සහ සජබ පා.ම හෙක්ටර් අප්පුහාමි සහභාගීවන කස්තිරම
01:30:36
Video thumbnail
විදුලි බිලෙන් දුන්න සහනය ඉතා අගෙයි - මේකට බැරියර් දාන්න යන්න එපා
04:57
Video thumbnail
20% විදුලි බිල අඩු කළාටමහජන උපයෝගිතා කොමිසමට ස්තූතියි
06:14
Video thumbnail
කෝච්චි පෙට්ටියේ Massage කරන එක හොඳයිද? අපිලගේ සාදුට යකා වැහෙයි
05:05

?