spot_imgspot_img
spot_img

මෙරට ඉදි වූ ප්‍රථම ප්‍රජා ස්වේච්ඡා මධ්‍යස්ථානය ඌව වෙල්ලස්සෙන් ඇරඹෙයි

මෙරට රජයේ විශ්වවිද්‍යාලයක් තුළ ඉදි වූ ප්‍රථම ප්‍රජා ස්වේච්ඡා මධ්‍යස්ථානය ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයේ පිහිටුවා තිබෙනවා.

අප ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ; මෙම ස්වේච්ඡා මධ්‍යස්ථානය ඊයේ දිනයේ දී විවෘත වුණු බවයි.

මෙම නව වැඩසටහන සඳහා එක්සත් ජාතීන්ගේ සංවිධානය, එක්සත් ජාතීන්ගේ ස්වේච්ඡා වැඩසටහන, ලෝක සෞඛ්‍ය සංවිධානය මෙන් ම තරුණ සේවා සභාවෙන් දායකත්වය සපයනවා.

නව ප්‍රජා මධ්‍යස්ථානය මගින් විශ්වවිද්‍යාලයේ උපාධි අපේක්ෂකයින් මෙන් ම ඌව පළාතේ සමස්ත ප්‍රජාව ස්වේච්ඡා කටයුතු වෙත යොමු කිරීම මගින් එක්සත් ජාතීන්ගේ තිරසාර සංවර්ධන ඉලක්ක කරා ළඟාවීමට හැකියාවක් පවතින බවයි වාර්තා වන්නේ.

ස්වේච්ඡා කටයුතු සඳහා ඇල්මැති පාර්ශ්වයන් සම්බන්ධීකරණය, ස්වේච්ඡා කටයුතුවල නියැලෙන්නන් දිරිමත් කිරීම වැනි කාරණා සඳහා ද මෙය බලපානු ඇති.

මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තිය ලෙස එක්වූයේ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නේවාසික නියෝජිත අසූසා කුබෝටා මහත්මියයි.

ඊට අමතර ව ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයේ උප කුලපතො මහාචාර්‍ය ජයන්ත ලාල් රත්නසේකර ද එක් ව සිටියේ තවත් පීඨාධිපතිවරුන් රැසක් සමගින්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

අපගේ නවතම පුවත්

සතියේ පලවු තවත් පුවත්

?