මෙරට අපනයන ආදායම ඉහළට

මෙම වර්ෂයේ (2025) පළමු කාර්තුවේ දී ශ්‍රී ලංකාව් අපනයන තුළින් උපයන ලද මුදල ඇමරිකානු ඩොලර් මිලියන 3,347 දක්වා ඉහළ ගොස් අති බවත් එය 5.3% ක වර්ධනයක් බවත් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කළ වාර්තාවේ දැක්වෙනවා.

දසත අධිකරණ වාර්තාකාරිණිය පැවසුවේ, රෙදිපිළි හා ඇඟලුම්, කුළුබඩු, ආහාරපාන වර්ග, දුම්කොළ, පොල් ආශ්‍රිත නිෂ්පාදන සහ තේ යන අපනයන කාණ්ඩවල ඉහළයෑම අපනයන ආදායම වැඩි වීම සඳහා ප්‍රධාන වශයෙන් හේතු වී ඇති බව ද ඒ මහ බැංකු වාර්තාව මගින් පෙන්වා දෙන බවයි.

රෙදිපිළි හා ඇඟලුම් අපනයන ආදායම 11.1% කින්, කුළුබඩු අපනයන ආදායම සියයට 75% කින්, ආහාරපාන වර්ග දුම්කොළ අපනයන ආදායම 23.8% කින් මෙම වර්ෂයේ පළමු කාර්තුවේ ඉහළ ගොස් තිබෙනවා.

පොල් ආශ්‍රිත නිෂ්පාදනවල අපනයන ආදායම 26.6%කින් සහ තේ අපනයන ආදායම සියයට 4.6% කින් ඉහළ ගොස් ඇති බව ද ඒ වාර්තාවේ සඳහන්.

කෙසේ වුව ද මෙම වර්ෂයේ පළමු කාර්තුවේ දී මෙරට ආනයන වියදම පෙර වර්ෂයේ (2024) මෙම කාර්තුවට සාපේක්ෂව ඩොලර් මිලියන 4,887 දක්වා 11.1% කින් ඉහළ ගොස් තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
3
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්


?