මෙරට අපනයන ආදායම ඉහළට

මෙම වර්ෂයේ (2025) පළමු කාර්තුවේ දී ශ්‍රී ලංකාව් අපනයන තුළින් උපයන ලද මුදල ඇමරිකානු ඩොලර් මිලියන 3,347 දක්වා ඉහළ ගොස් අති බවත් එය 5.3% ක වර්ධනයක් බවත් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කළ වාර්තාවේ දැක්වෙනවා.

දසත අධිකරණ වාර්තාකාරිණිය පැවසුවේ, රෙදිපිළි හා ඇඟලුම්, කුළුබඩු, ආහාරපාන වර්ග, දුම්කොළ, පොල් ආශ්‍රිත නිෂ්පාදන සහ තේ යන අපනයන කාණ්ඩවල ඉහළයෑම අපනයන ආදායම වැඩි වීම සඳහා ප්‍රධාන වශයෙන් හේතු වී ඇති බව ද ඒ මහ බැංකු වාර්තාව මගින් පෙන්වා දෙන බවයි.

රෙදිපිළි හා ඇඟලුම් අපනයන ආදායම 11.1% කින්, කුළුබඩු අපනයන ආදායම සියයට 75% කින්, ආහාරපාන වර්ග දුම්කොළ අපනයන ආදායම 23.8% කින් මෙම වර්ෂයේ පළමු කාර්තුවේ ඉහළ ගොස් තිබෙනවා.

පොල් ආශ්‍රිත නිෂ්පාදනවල අපනයන ආදායම 26.6%කින් සහ තේ අපනයන ආදායම සියයට 4.6% කින් ඉහළ ගොස් ඇති බව ද ඒ වාර්තාවේ සඳහන්.

කෙසේ වුව ද මෙම වර්ෂයේ පළමු කාර්තුවේ දී මෙරට ආනයන වියදම පෙර වර්ෂයේ (2024) මෙම කාර්තුවට සාපේක්ෂව ඩොලර් මිලියන 4,887 දක්වා 11.1% කින් ඉහළ ගොස් තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කතරගම කිරිවෙහෙර පුද බිමට විශාල ජනගඟක් ඇදෙයි
00:10
Video thumbnail
අපි මේ කුණකට අත ගහලා තියෙන්නේ - අපි අමුණු කැලෑ අස්සේ රිංගලා ගියා.. ප්‍රශ්නය දැක්කා
06:42
Video thumbnail
හිතාමතා කරන අල්ලස, දූෂණය, වංචාවට කිසිසේත්ම ඉඩකඩ නෑ..ආනන්ද විජේපාලගෙන් සැර කතාවක්
12:36
Video thumbnail
මනමාල ජෝඩුව වෙනුවට රැග් කන්න වුණ දෙමව්පියෝ - අවු:42ම පළවෙනි වතාවට දැක්කේ මෙහෙම
02:30
Video thumbnail
වසර 7කට පමණ පසු නැවත ඇරඹෙන යාපහුව ශ්‍රී දළදා මහ පෙරහර
03:40
Video thumbnail
චමින්ද විජේසිරිගේ පියාගේ අභාවය වෙනුවෙන් ගිය සජිත් සංවේදී වූ අයුරු
01:52
Video thumbnail
"නයි හාමි කරදර නොකර යන්න.."
01:19
Video thumbnail
ජාතිවාදී ආගම්වාදි ගැටුමකට යළි ශ්‍රී ලංකාවේ ඉඩ දෙන්නේ නෑ - දක්ෂතම මානව සම්පත අප සතුව තියෙනවා
06:28
Video thumbnail
පෙරහරට කලින් නුවරට වහින මහ වැස්ස..
00:11
Video thumbnail
ලොවම කම්පා කරමින් නේපාලයට ගලා ආ මහ ගංවතුර
01:42