මෙක්සිකානු නාවික හමුදාවේ නෞකාවක් නිව්යෝර්ක් හි බෘක්ලින් පාලමේ ගැටෙයි (වීඩියෝ)

මෙක්සිකානු නාවික හමුදා පුහුණු නෞකාවක් නිව්යෝර්ක් නගරයේ බෘක්ලින් පාලමේ ගැටීමෙන් අවම වශයෙන් පුද්ගලයින් 22 දෙනෙකු තුවාල ලබා ඇති බව විදෙස් වාර්තා සඳහන් කරනවා.

තුවාල ලැබූවන්ගෙන් තිදෙනෙකුගේ තත්ත්වය බරපතළ බවයි එම වාර්තාවල දැක්වෙනේ.

මෙම නෞකාව ඇමරිකාවේ සංචාරයක නිරත වෙමින් තිබිය දී මෙම අනතුරට මුහුණ පා ඇති බවයි වාර්තා වන්නේ.

මනෞකාවේ කුඹු ගස්වල කොටසක් පාලමේ ගැටී ඇති අතර, එලෙස ගැටුණු කොටස් නෞකාව තුළට කඩා වැටී ඇති බවයි විදෙස් වාර්තා වැඩිදුරටත් සඳහන් කළේ.

අනතුර සිදුවන අවස්ථාවේදී නෞකාවේ කාර්ය මණ්ඩලය 277කට ආසන්න පිරිසක් සිට තිබෙනවා.

නෞකාවේ කාර්ය මණ්ඩලයේ සාමාජිකයින් කුඹගස් මත සිටගෙන සිටියදී එය පාලමේ ගැටී ඇති අතර, මෙම අනතුරින් බෘක්ලින් පාලමට කිසිදු හානියක් සිදුවී නොමැති බව නිව්යෝර්ක් නගරාධිපති එරික් ඇඩම්ස් සඳහන් කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාමල් අත්අඩංගුවට ගැනීම නීතියානුකූලයි.. කොහේ ගියත් වැඩක් නෑ
01:06
Video thumbnail
පොලිස් නිශ්කර්ෂණ සේවයේ පරිගණක පද්ධතියේ අත්‍යවශ්‍ය නඩත්තුවක් - මාධ්‍ය ප්‍රකාශකගෙන් විශේෂ ප්‍රකාශයක්
04:32
Video thumbnail
නාමල් අන්තිමට කියලා ගිය දේ..
00:39
Video thumbnail
නාමලුත් කෙඳිරි ගාන්නේ නෑ, මමත් කෙඳිරි ගාන්නේ නෑ
03:04
Video thumbnail
හරිනිට ව# දෙන්න ටිල්වින් සිල්වයි අනුර කුමාරයි සැලසුම් කරනවා..?
01:50
Video thumbnail
"එකෙක් සිරගත කරද්දි,100 ක් පිබිදිලා එනවා"
00:11
Video thumbnail
අක්‍රමිකතාවක් ගැන පොලිස්පතිට එරෙහිව පැමිණිල්ලක් - හිතවතාට බයික් ගෙන්නන දවසට බයික් ගන්න වෙන්නේ
06:10
Video thumbnail
මම කාගේත් මුදල් තැන්පතු භාර අරගෙන නෑ - එළියට ආ තිස්සකුට්ටි කිව්ව කතාව
06:14
Video thumbnail
"බලන්න ජනාධිපතිතුමාගේ ඒ සරළ නිහතමානීකම"
00:19
Video thumbnail
ශිරන්ති ෆ්ලයිට් එකට නගින්න විනාඩි 5කට කළින් දුවගෙන ඇවිල්ලා FCID එන්න කියලා
01:06