මුහුදුබඩ දුම්රිය මාර්ගය සඳුදාවන විට සම්පූර්ණයෙන්ම යථා තත්ත්වයට – දුම්රිය සාමාන්‍ය අධිකාරී

සාගරිකා දුම්රිය පීලි පැනීම හේතුවෙන් හානි වූ මුහුදුබඩ දුම්රිය මාර්ගය ලබන සඳුදාවන විට සම්පූර්ණයෙන්ම යථා තත්ත්වයට පත්කළ හැකි බව දුම්රිය සාමාන්‍ය අධිකාරී රවීන්ද්‍ර පත්මප්‍රිය පවසනවා.

අද (24) උදෑසන බෙලිඅත්තේ සිටමරදාන දක්වා ධාවනය වූ සාගරිකා දුම්රිය වාද්දුව දුම්රිය ස්ථානය ආසන්නයේ දී පීලි පැනීමට ලක් වූ අතර, එය නිරීක්ෂණය සඳහා අද දහවල් පැමිණි අවස්ථාවේ දුම්රිය සාමාන්‍ය අධිකාරීවරයා මේ බව සඳහන් කළා.

පීලි පැනීමකට ලක්වූ සාගරිකා දුම්රිය පීලිගත කිරීමේ කටයුතු මේ වන විට ආරම්භ කර ඇති අතර, මගීන්ට අපහසුතාවයක් නොවන අන්දමට අවශ්‍ය කටයුතු සිදු කරන ලෙසට ප්‍රවාහන අමාත්‍යවරයා උපදෙස් ලබා දුන් බවයි ඔහු වැඩිදුරටත් පැවසුවේ.

මේ අතර දුම්රිය පීලි පැනීමට හේතුව කුමක් දැයි මාධ්‍යවේදීන් මෙහිදී දුම්රිය සාමාන්‍ය අධිකාරීවරයාගෙන් විමසා සිටි අතර, ඊට පිළිතරු ලබා දෙමින් ඔහු පැවසුවේ ඊට හේතුව දැන්ම ප්‍රකාශ කිරීමට නොහැකි බවයි.

එමෙන්ම අද (24) හවස්වන විට කාර්යාල දුම්රිය කිහිපය ධාවනය කිරීමට දැඩි උත්සාහයක් ගන්නා බව සඳහන් කළ සාමාන්‍ය අධිකාරීවරයා යන හෙයකින් එම උත්සාහය ව්‍යාර්ථ වී ගියහොත් එම මගීන් ප්‍රවාහනය සඳහා බස් රථ මරදාන සහ කොළඹ කොටුවෙන් යෙදවීමට කටයුතු කරන බවයි සඳහන් කළේ.

ඒ සදහා ගමනා ගමන මණ්ඩලය සහ මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය සමඟ සාකච්ඡා පවත්වා ඇති බවත් ඔහු පැවසුවා.

ඊට අමතරව පානදු දක්වා දුම්රිය ධාවනය කර, පානදුර සිට කළුතර දක්වා බස් රථ මඟින් එම මගීන් ප්‍රවාහනය කිරීමේ සැලැස්මක් ද පවතින බව ඔහු සඳහන් කර සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
1
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපේ අභියෝගය වුණේ සුපිලිපන්න රාජ්‍ය සේවයක් ඇති කිරීම - කළ වෙනස නන්දික කියයි
05:41
Video thumbnail
සුසන්තිකා ජයසිංහට යකා නගියි - ඔයාලා ක්‍රීඩාව කෑවා..බොරු නොකියා කටවහන් පැත්තකටවෙලා ඉන්න
10:35
Video thumbnail
කුණු ගොඩකින් වැසුණු මාපලගම බස් නැවතුම්පොළ.
01:43
Video thumbnail
බේරුවල මුහුදු තීරයට තල්මසෙකුගේ සිරුරක් ගොඩගසා ඇති අයුරු
00:30
Video thumbnail
ජනප්‍රිය නළු අර්ජුන්, නාමල් ඉදිරියේ කළ සුපිරි කතාව - දුවන්න පුළුවන් ශක්තිමත් අශ්වයෙක් ඉන්නේ
03:14
Video thumbnail
බේරුවල මුහුදු තීරයට විශාල තල්මසෙකුගේ සිරුරක් ගොඩගසා ඇති අයුරු
00:54
Video thumbnail
විධායකයට බෑ අධිකරණයට ඇඟිලි ග#න්න - ස්වාධීනව තමන්ගේ තීරණ ගන්න ඉඩදෙන්න
12:24
Video thumbnail
විපක්ෂයේ වැඩවලට අධිකරණය බාධාවෙලා - එකතු වුණා කියලා අඟවලා කරන්නේ හොරගල් ඇහිලීමක්
02:40
Video thumbnail
ඊශ්‍රාලයට යන්න හිතනවනම් මෙන්න ඔයාට සුබ ආරංචියක් - රැකියා, වැටුප්, වීසා ගැන සම්පූර්ණ විස්තරය
04:40
Video thumbnail
පෝළිමේ ගිහින් දුන්නා නේද අනුරට - අද ගොවි ජනතාව ඉල්ලන් කනවා
14:27