මුදල් ලේකම්ට එරෙහි පෙත්සම් පවත්වාගෙන යාමට අවසර දෙන්නේ ද නැද්ද යන තීන්දුව ප්‍රකාශ කිරීම කල් යයි

පළාත් පාලන ඡන්ද විමසීම පැවැත්වීම සඳහා වෙන්කර තිබෙන මුදල් ප්‍රතිපාදන රඳවා ගැනීම වළක්වාලමින් නිකුත් කළ නියෝගයක් ක්‍රියාත්මක කිරීම පැහැර හැරීම තුළින් අධිකරණයට අපහාස කළ බවට චෝදනා කරමින් මුදල් අමාත්‍යාංශයේ ලේකම් මහින්ද සිරිවර්ධනට එරෙහිව ගොනු කළ පෙත්සම් පවත්වාගෙන යාම සඳහා අවසර දෙන්නේ ද ? නැද්ද? යන තීරණය ප්‍රකාශ කිරීම ශ්‍රේෂ්ඨාධිකරණය විසින් දින නියමයක් නොමැතිව කල් තැබුවා.

අගවිනිසුරු ජයන්ත ජයසූරිය, බුවනෙක අලුවිහාරේ, ප්‍රියන්ත ජයවර්ධන, විජිත් මළල්ගොඩ සහ මුර්දු ප්‍රනාන්දු යන පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ අදාළ පෙත්සම් සලකා බැලීමෙන් අනතුරුව මෙම නියෝගය නිකුත් කෙරුණා.

මෙම පෙත්සම්වලට අදාළ ලිඛිත දේශන තිබේනම් ඒවා අද (22) දින සිට සති දෙකක් තුළ ගොනු කිරීමට පියවර ගන්නා ලෙස සියලුම පාර්ශවකරුවන්ට නියෝග කළ පංච පුද්ගල විනිසුරු මඩුල්ල, අනතුරුව අදාළ පෙත්සම් පවත්වාගෙන යාමට අවසර දෙන්නේ ද? නැද්ද? යන තීරණය පසුවට කල් තබන බවත් ප්‍රකාශ කළා.

සමගි ජන බලවේගයේ මහ ලේකම් හා පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුමබණ්ඩාර සහ ජාතික ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් විසින් පෙත්සම් ඉදිරිපත් කර තිබුණා.

මෙම පෙත්සම් සලකා බැලීම සඳහා කැඳවනු ලැබූ අවස්ථාවේදී එහි වගඋත්තරකරුවකු ලෙස නම් කර සිටින මුදල් අමාත්‍යාංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන වෙනුවෙන් පෙනී සිටි නීතිඥ එරාජ් ද සිල්වා මූලික විරෝධතාවක් මතු කරමින් අදාළ පෙත්සම් විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කරන ලෙස ඉල්ලා සිටියා.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 150(1)සහ 150(2) වගන්ති ප්‍රකාරව මුදල් නිදහස් කිරීමේ බලය මුදල් අමාත්‍යවරයා සතු වන බවත් රාජ්‍ය මූල්‍ය බලය පාර්ලිමේන්තුව සතු වන බව පෙන්වා දුන් නීතිඥවරයා මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයාට මුදල් නිකුත් කිරීම සම්බන්ධයෙන් කිසිඳු බලයක් නොමැති බවත් කියා සිටියා.

රාජ්‍ය මුල්‍ය බලය පැවරී ඇත්තේ පාර්ලිමේන්තුවට වන අතර, ඒ සම්බන්ධ වන අපහාසයන් පිළිබඳව කටයුතු කිරීමේ බලය ද පැවරී ඇත්තේ පාර්ලිමේන්තුවට බව පෙන්වා දුන් නීතිඥවරයා එවැනි අපහාසයක් සම්බන්ධයෙන් විභාගයක් පැවැත්වීමට අධිකරණයට බලයක් නොමැති බවත් කියා සිටියා.

තමන්ට බලයක් නොමැති ක්‍රියාවක් නොකිරීම තුළින් අධිකරණයට අපහාස කිරීමක් සිදුනොවන බවත් එබැවින් මෙම පෙත්සම විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කරන ලෙසත් මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා වෙනුවෙන් පෙනී සිටි නීතිඥ එරාජ් ද සිල්වා අධිකරණයෙන් වැඩිදුරටත් ඉල්ලා සිටියා.

ඉන් අනතුරුව පෙත්සම්කාර රංජිත් මද්දුමබණ්ඩාර වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ජෙෆ්රි අලගරත්නම් අධිකරණය හමුවේ කරුණු දක්වමින් වගඋත්තරකාර මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා පළාත් පාලන ඡන්ද විමසීමේ කටයුතුවලට අදාළව වරින්වර මුදල් නිදහස් කිරීමට පියවර ගෙන ඇති බව පෙන්වා දුන්නා.

පළාත් පාලන මැතිවරණ ක්‍රියාවලිය ආරම්භ වීමෙන් පසුව මුදල් අමාත්‍යංශයේ ලේකම්වරයා විසින් මෙයාකාරයෙන් රුපියල් බිලියනයකට ආසන්න මුදලක් නිදහස් කර තිබෙන බවත් ජනාධිපති නීතිඥවරයා අවධාරණය කළා.

තමන්ට බලයක් නොමැති නම් මෙලෙස වගඋත්තරකාර මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා විසින් මුදල් නිකුත් කළේ කෙසේදැයි ප්‍රශ්න කළ ජනාධිපති නීතිඥවරයා මෙම කරුණ වගඋත්තරකරු විසින් අධිකරණය හමුවේ වසන් කළ බවටත් චෝදනා කර සිටියා.

දීර්ඝ කරුණු සලකා බැලීමකින් අනතුරුව ශ්‍රේෂ්ඨාධිකරණය සිය තීරණය ප්‍රකාශයට පත් කිරීම දින නියමයක් නොමැතිව පසුවට කල් තැබුවා.

පෙත්සම්කරුවන් කියා සිටින්නේ 2023 අයවැය ඇස්තමේන්තු තුළින් පළාත් පාලන ඡන්ද විමසීම පැවැත්වීම සඳහා වෙන්කර තිබෙන මුදල් ප්‍රතිපාදන රඳවා ගැනීම වළක්වාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ඉකුත් මාර්තු මස තුන් වන දා මුදල් අමාත්‍යංශයේ ලේකම්වරයා වෙත නියෝගයක් නිකුත් කළ බවයි.

එම නියෝගය ක්‍රියාත්මක කිරීම පැහැර හැරීම තුළින් මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා අධිකරණයට අපහාසයක් සිදුකර ඇති බවට චෝදනා කරමින් මෙම පෙත්සම් ඉදිරිපත් කර තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බස් එකක් විවෘත කරන්න ජනාධිපති යන්න තරම් පහතට වැටිලා - ජනාධිපති දේශපාලනිකව අසරණවෙලා
04:21
Video thumbnail
දැඩි ආරක්ෂාවක් මැද උසාවියට ගෙන ආ ශිරාන් බාසික් - වටේටම STF එකෙන් දාලා
02:30
Video thumbnail
වස විස නැති පලතුරු කඩවලට රජයෙන් සහතිකයක් - කඩ සිතියම් ගතකරයි
03:23
Video thumbnail
යෝෂිතගේ ලක්ෂ 730ක ඉඩම් නඩුව කල්යයි - හිනාවකුත් දාගෙන ගැම්මට ආපු හැටි
01:16
Video thumbnail
නි.ආරක්ෂක ඇමතිට බංකු අරගෙන ඇවිත් අපෙන් ආ‍රක්ෂාව ගැන උපදෙස් ගන්නවෙලා
08:03
Video thumbnail
ලාල්කාන්ත මාධ්‍යය පෙන්නලා දැම්ම සත්තම - "මු..මුන් අපේ වචනයකට කෙ#න්නමයි හදන්නේ..කෙ#පල්ලකෝ"
02:53
Video thumbnail
කොමිසමෙන් එළියට ආ බන්දුල හෙළිකල දේ - "අපි වෙනස් ජාතියක දේශපාලන සත්වයෝ"
05:20
Video thumbnail
පන්සලේ විදුලි බල්බ නිවලා චෛත්‍යයේ කොත සහ චූඩාමාණික්‍යය හොරු උස්සලා
01:47
Video thumbnail
රුවන්වැලි මහසෑ නායක හිමියන් ළමා දිනය වෙනුවෙන් කළ අපූරු ක්‍රියාව
14:57
Video thumbnail
නපති ප්‍රධානත්වයෙන් අරඹපු කටුනායකට ගුවන් යානා ඉන්ධන ගෙන යන නව නළ මාර්ගයේ ඉදිකිරීම
01:06