මීමුරේ වෑන් අනතුරින් මියගිය ගණන ඉහළට

උඩුදුම්බර පොලිස් වසමේ හුන්නස්ගිරිය – මීමුරේ මාර්ගයේ කුඹුක්ගොල්ල ප්‍රදේශයේ දී ඊයේ (19) පස්වරුවේ සිදු වූ වෑන් රථ අනතුරින් තවත් කාන්තාවක් මියගොස් තිබෙනවා.

ඒ, අනුව මෙම අනතුරින් ජීවිතක්ෂයට පත්වූ සංඛ්‍යාව හතරක් දක්වා ඉහළ ගොස් ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

මියගිය කාන්තාවන් දෙදෙනකු අවුරුදු 29 වයස්වල සහ මියගිය පිරිමි පුද්ගලයා වයස අවුරුදු 33 ක් වූ ගොනහේන, ඉඹුල්ගොඩ, හා හැදල ප්‍රදේශවල පදිංචිකරුවන් වන අතර, එක් කාන්තාවකගේ අනන්‍යතාව මෙතෙක් තහවුරු වී නැහැ.

මීමුරේ දෙසට ධාවනය වූ වෑන් රථයක් බෑවුමකට පෙරලී අනතුරක් සිදුව තිබෙනවා.

අනතුරින් තුවාල ලැබූ පිරිමි පුද්ගලයෙකු සහ වයස අවුරුදු 05ක දරුවෙක් මේ වනවිට පේරාදෙණිය රෝහලට ඇතුළත්කර ප්‍රතිකාර ලබනවා.

අනතුර සිදුවන අවස්ථාවේදී වෑන් රථයේ පුද්ගලයින් 06 දෙනෙකු සිට තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කතරගම කිරිවෙහෙර පුද බිමට විශාල ජනගඟක් ඇදෙයි
00:10
Video thumbnail
අපි මේ කුණකට අත ගහලා තියෙන්නේ - අපි අමුණු කැලෑ අස්සේ රිංගලා ගියා.. ප්‍රශ්නය දැක්කා
06:42
Video thumbnail
හිතාමතා කරන අල්ලස, දූෂණය, වංචාවට කිසිසේත්ම ඉඩකඩ නෑ..ආනන්ද විජේපාලගෙන් සැර කතාවක්
12:36
Video thumbnail
මනමාල ජෝඩුව වෙනුවට රැග් කන්න වුණ දෙමව්පියෝ - අවු:42ම පළවෙනි වතාවට දැක්කේ මෙහෙම
02:30
Video thumbnail
වසර 7කට පමණ පසු නැවත ඇරඹෙන යාපහුව ශ්‍රී දළදා මහ පෙරහර
03:40
Video thumbnail
චමින්ද විජේසිරිගේ පියාගේ අභාවය වෙනුවෙන් ගිය සජිත් සංවේදී වූ අයුරු
01:52
Video thumbnail
"නයි හාමි කරදර නොකර යන්න.."
01:19
Video thumbnail
ජාතිවාදී ආගම්වාදි ගැටුමකට යළි ශ්‍රී ලංකාවේ ඉඩ දෙන්නේ නෑ - දක්ෂතම මානව සම්පත අප සතුව තියෙනවා
06:28
Video thumbnail
පෙරහරට කලින් නුවරට වහින මහ වැස්ස..
00:11
Video thumbnail
ලොවම කම්පා කරමින් නේපාලයට ගලා ආ මහ ගංවතුර
01:42