මීගමුව – පමුණුගම මාර්ගයේ ලෙල්ලම ප්‍රදේශයේ දී පසුගිය වසරේ 08 වන මාසයේ 12 වන දින වෙඩිතබා පුද්ගලයෙකු ඝාතනය කිරීමේ සිද්ධියට සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඊයේ (25) උදෑසන කටාන ප්‍රදේශයේ දී මෙම සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගත් බවයි පොලිසිය පැවසුවේ.
අත්අඩංගුවට ගැනුණු සැකකරුවන් දෙදෙනා අපරාධය සඳහා යොදාගත් යතුරුපැදිය ප්‍රවාහනයකර සඟවා තබා ගනිමින් මේ සඳහා ආධාර අනුබල ලබාදී ඇති බවයි අනාවරණය වී ඇත්තේ.
මෙලෙස අත්අඩංගුවට ගැනුණු දෙදෙනා 32 සහ 40 යන වයස්වල පසුවන බදුවත්ත සහ අම්බලයාය යන ප්‍රදේශවල පදිංචිකරුවන් වනවා.
වෙඩික්කරුවන් පැමිණි යතුරුපැදිය ද පොලිසිය විසින් සොයාගෙන ඇති අතර, දුන්ගල්පිටිය පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වනු ලබනවා.



