මීගමුව අධිකරණයට ඉදිරිපත් වුණු ලංකාවෙන් පළමු වරට හමු වූ ඉබි විශේෂය

කොළඹ වාරායේ සිට මිටර් 150ක පමණ දුරින් පිහිටි සාගර කලාපයේ සිට කළු සහ කහ පැහැති ශ්‍රී ලංකාව⁣⁣ට ආවේණික නොවන ඉබ්බන් දෙදෙනකු සොයා ගෙන තිබෙනවා.

අදාළ ඉබ්බන් දෙදෙනා වනජීවී දෙපාර්තමේන්තුව විසින් මිගමුව මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කෙරුණු බවයි දසත අධිකරණ වාර්තාකාරිණිය සඳහන් කළේ.

එහිදී එම ඉබ්බන් දෙදෙනා සම්බන්ධයෙන් වනජීවී දෙපාර්තමේන්තුව අධිකරණයට කරුණු ඉදිරිපත් කළ අතර එම කරුණු සලකා බැලීමෙන් අනතුරුව අදාළ ඉබ්බන් දෙදෙනා බෙල්ලන්විල පංශු වෛද්‍යවරයා වෙත යැවීමටත් එම සතුන් කුමන විශේෂයකට අයත් ද යන්න හඳුනා ගන්නා ලෙස ද බෙල්ලන්විල අත්තිඩිය පංශු වෛද්‍යවරයාට මිගමුව අතිරේක මහේස්ත්‍රාත් සුදර්ශිමා ප්‍රේමරත්න මහත්මිය අද (29) නියෝග කළා.

ඒ සම්බන්ධයෙන් ප්‍රගතිය ලබන මැයි 20 වැනිදා අධිකරණයට ඉදිරිපත් කරන ලෙස ද අතිරේක මහේස්ත්‍රාත්වරිය නියෝග කළා.

අල්ලා ගත් කහ පාට ඉබ්බා කිලෝ 40ක් පමණ බරින් යුතු ඩයිගර් ටෝටිස් (කොටි ඉබ්බෙක්) ඉබ්බෙක්.

අප්‍රිකානු හා සීසල්ස් රටවල ජීවත් වන බව වාර්තා වනවා.

පිටිපන සිට බටහිරට කිලෝමීටර් 15ක් විස්සක් පමණ දුරින් දියඹේ පාසි ගොඩක සිට පාවෙමින් සිටියදී පිටිපන ධීවරයන් විසින් අල්ලාගෙන විත් හමුදාවේ නිලධාරින් වෙත භාර දුන් අතර ඔවුන් ,වනජීවී දෙපාර්තමේන්තුවට භාරදීමට කටයුතු කළ අතර එම දෙපාර්තමේන්තුව පිටිපන දූව ප්‍රදේශයේ දී භාරගෙන තිබෙනවා.

අල්ලා ගත් කළු පාට ඉබ්බා කොළඹ වරායේ සිට බටහිරට කිලෝ මීටර් 25ක් 30ක් පමණ දුරින් මාළු අල්ලමින් සිටි පුද්ගලයකු අල්ලාගෙන තිබෙනවා.

පිටිපන මාළු ලෙල්ලමට ගෙන ආ ඒ ඉබ්බා අලෙවි කිරීමට සූදානම් කර තිබියදී එක් තැනැත්තෙක් ඒ ඉබ්බාව මිල දී ගෙන දුංගල් පිටිය පොලිසියට බාර දී තිබෙනවා.

එහිදී දුංගල්පිටිය පොලිසිය මගින් වනජීවි දෙපාර්තමේන්තුව වෙත භාර දී ඇති බවයි පැවසෙන්නේ.

මෙම විශේෂිත ඉබ්බන් දෙවර්ගයම ලංකාවෙන් පළමු වරට හමු වූ අතර ලංකාවට ආවේණික සත්ව විශේෂයක් නොවන බව ද වනජීවී දෙපාර්තමේන්තුව සඳහන් කරනවා.

  1. ලොව පුරා මෙතෙක් කර ඇති විද්‍යාත්මක වර්ගීකරණයන් ට සහ ගවේෂණයක් ට හසු නො වූ ඉබි විශේෂ ද යන්න හඳුනා ගන්න ට ලැබීම ලෝකය ට ද වැදගත් වේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
SLCMP එකේ කියලා ඔයාට ID චෙක් කරන්න බෑ..හෑන්ඩ් කප් පෙන්නලා මට ID දෙන්නලු..මාර ටෝක්නේ කරන්නේ
04:52
Video thumbnail
පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු
01:08
Video thumbnail
ජනපතිගේ රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක්
01:13
Video thumbnail
ජනපතිගේ ගොවි රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක් - "මෙතනට කවුරුත් ගොවියෝ යන්නේ නෑ"
01:50
Video thumbnail
එක්නැළිගොඩගේ බිරිඳ නඩුව ගැන හෙළිකළ දේ - අවු:16කට පස්සේ හරි රාජ්‍යයේ වගකීම ඉටු කරයි
02:23
Video thumbnail
ගුරු කාර්යක්ෂමතා කඩයිම් විභාගය සඳහා සහන ලබා දීම ගැන හෙළිදරව්වක් - උසස්වීම් ගැන ගැටලුව විසඳෙනවා
03:00
Video thumbnail
හෙට පැවැත්වෙන පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු - තිස්සකුට්ටි, රෝහිත ඇතුළු ප්‍රබලයින් ඇවිත්
01:53
Video thumbnail
ගිරිතලේ ස්වභාවික රක්ෂිතයේ අනවසර කැණීමක් කොටු කළ හැටි - බඩුත් එක්ක තිදෙනෙකු කුදලන් එයි
03:51
Video thumbnail
මහින්දගේ ජයග්‍රාහී රැළිවල ආරම්භය වුණේ අනුරාධපුරය පුණ්‍ය භූමිය - අත් ට්‍රැක්ටර්වලිනුත් එනවා කට්ටිය
04:30
Video thumbnail
ආණ්ඩුවකට විරුද්ධව විපක්ෂයක් සංවිධානය කළ විශාලම දේශපාලන රැළිය හෙට - දැවැන්ත චරිත එනවා
03:39