AFC Banner
AFC Banner
Empty Ad

මිහින්තලේ හාමුදුරුවෝ සී.අයි.ඩීයේ ගොනුකළ පැමිණිල්ල අතුරුදන්

තමන් මීට මාස කිහිපයකට පෙර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට සිදුකළ පැමිණිල්ල සම්බන්ධයෙන් වන ලිපි ගොනු මේවන විට අස්ථානගත වී ඇති බව මිහින්තලා රජමහා විහාරාධිපති පූජ්‍ය වලවාහැංගුණවැවේ ධම්මරතන නා හිමියන් පවසනවා.

අද (31) දිනයේ මාධ්‍ය වෙත අදහස් දක්වමින් උන්වහන්සේ මේ බව සඳහන් කළා.

මෙලෙස තමන් විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට සිදුකළ පැමිණිල්ල අස්ථානගතවීම පිටුපස අදිසි හස්තයක් ක්‍රියාත්මක බව ද උන්වහන්සේ මෙහිදී සඳහන් කර සිටියා.

උන්වහන්සේ වැඩිදුරටත් සඳහන් කළේ තමන්ට මරණීය තර්ජන සිදුකර කප්පම් ඉල්ලීමේ සිද්ධියක් සම්බන්ධයෙන් මෙම පැමිණිල්ල අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ගොනුකර තිබූ බවයි.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ වනවිට දේශපාලනීකරණය වී ඇති බවත්, මෙවැනි ආකාරයෙන් පැමිණිලි අස්ථානගතවීම හරහා එම දෙපාර්තමේන්තුව කෙරෙහි ඇති විශ්වාසය ද බිඳ වැටී ඇති බවත් උන්වහන්සේ පැවසුවා.

කෙසේ වෙතත් තමන්ට එල්ල වූ මරණීය තර්ජන, කප්පම් ඉල්ලීම සහ තමන්ට අපහාසවන ආකාරයට ව්‍යාජ ලෙස සැකසූ වීඩියෝපට සම්බන්ධයෙන් ඉදිරියේ දී තවත් පැමිණිල්ලක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු හමුවේ ගොනුකරන බවයි මිහින්තලේ විහාරාධිපති නා හිමියන් සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
2
+1
1
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඔබ ඔබට මුලින්ම ආදරය කරන්න
04:00
Video thumbnail
අනුර කුමාර උතුරට ගිහින් ටෝක්ස් දෙන්නේ යුද්ධෙ ඉවර කරපු නිසා
07:38
Video thumbnail
ජාතික නිදහස් පෙරමුණේ නායක හිටපු අමාත්‍ය විමල් වීරවංශ සහභාගීවන දසත ප්‍රහාරය සජීවීව
01:28:09
Video thumbnail
අත්අඩංගුවට ගන්න ලිස්ට් එකේ අපේ නම තියෙනවා
03:52
Video thumbnail
මේ වගේ කතා ජනාධිපති අනුරගෙන් රටට ඕනි - මහින්දගේ මුව හමට තඩිබාලා හරියන්නේ නෑ
04:25
Video thumbnail
අපි එදා මහින්ද රාජපක්ෂ එක්ක හිටගත්තු නිසා - අද අනුරත් උතුරට යන්න පුළුවන්
01:58
Video thumbnail
ආණ්ඩුව මිනිස්සුන්ට දුන්න පොරොන්දු පුස්සක් බවට පත්වෙලා
10:47
Video thumbnail
සජිත්ට තමයි මිනිස්සු වැඩි කැමැත්ත තියෙන්නේ #sajithpremadasa
04:23
Video thumbnail
ගෝල් ෆේස් වෙරළ පැත්තෙන් විශාල ශබ්දයක් - මිනිස්සු ෆුල් හොල්මන්
02:26
Video thumbnail
කටවචනෙට බොරු කියලා මිනිස්සු රැවට්ටුවා
04:22

?