ටිරාන් අලස්ව සැකකරුවෙක් ලෙස නම් කරයි – විදෙස්ගත වීමත් තහනම්

පුවත්පත් මුද්‍රණයට අවශ්‍ය වන කඩදාසි සහ බෝඩ් ගෙන්වාගෙන ඊට අදාළ රුපියල් මිලියන 290ක මුදලක් නොගෙවූ සිද්ධිය සම්බන්ධයෙන් හිටපු මහජන ආරක්ෂක ඇමති පෞද්ගලික පුවත්පත් සමාගමක සභාපති ටිරාන් අලස් මහතා සැකකරුවෙක් ලෙස නම් කරන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඊයේ (29) කොටුව මහේස්ත්‍රාත් නිලුපුලී ලංකාපුර මෙනවිය හමුවේ දැනුම්දුන්නා.

සිද්ධිය සම්බන්ධයෙන් නඩුව කැඳවූ අවස්ථාවේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ බව කියා සිටි අතර සැකකාර හිටපු අමාත්‍යවරයාගේ විදේශ ගමන් තහනම් කරන ලෙස ඉල්ලා සිටි අතර ඊට අවසර ලැබුණා.

සිද්ධිය සම්බන්ධයෙන් නඩුව ඊයේ කැඳවූ අවස්ථාවේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වැඩිදුර වාර්තාවක් ගොනු කරමින් මේ බව කියා සිටියා.

නඩුව කැඳවූ අවස්ථාවේ දි රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි ඇප මත මුදා හැර ඇති එම සමාගමේ නිලධාරීන් දෙදෙනා අධිකරණය හමුවේ පෙනී සිටියා.

ඔවුන් දෙදෙනා රුපියල් ලක්ෂ 50 බැගින් වූ ශරීර ඇප හතරක් මත මුදා හැර විදේශ ගමන් තහනම් කිරීමේ නියෝග නිකුත් කර ඇති බවත් සඳහන්.

ටිරාන් අලස් මහතා අත්අඩංගුවට නොගන්නා ලෙස ඉල්ලමින් ගොනු කර ඇති පෙත්සම් ලබන මාර්තු මස කැඳවන බැවින් එතෙක් ඔහ අත්අඩංගුවට ගැනීමට නොහැකි බව දැනුම් දුන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඔහුට ප්‍රකාශ ලබාදීමට දැනුම් දී ඇති බවත් අසනීප බැවින් නොපැමිණි බවත් දන්වා සිටියා.

  1. මහ මොලකරු අතඩන්ගුවට තහනම් නියෝග ගන්නා අතර සුළු සේවකයා හිරයට නියමවේ.පුහුල් හොරා කරෙන් දැනේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14
Video thumbnail
පාරිභෝගිකයගේ පරිභෝජන රටාව අපිට බලපානවා - 1%ත් වඩා අඩුවෙන් විදුලියෙන් ධාවනය වන වාහන තියෙන්නේ
03:47
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි - එයාලා සීතල පුටුවල ඉන්නවා - අපි ජරාවේ ඉන්නවා
11:14
Video thumbnail
නුවරඑළිය තැපැල් කාර්යාලයේ ප්‍රතිසංස්කරණ කටයුතු සිදුවෙන අයුරු - නිරීක්ෂණයට ආණ්ඩුකාරවරයාත් පැමිණෙයි
02:56
Video thumbnail
ලංගම ටයර් ප්‍රසම්පාදනය සම්බන්ධයෙන් ප්‍රබල අනාවරණයක් - රු. ලක්ශ 430ක මූල්‍ය අක්‍රමිකතාවක් ?
02:46