මහජන ආරක්ෂක අමාත්‍යවරයාගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය අහෝසි වන ලකුණු ?

මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතාගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය බල රහිත කිරීමේ ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා අභියාචනාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කර තිබෙනවා.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාලක, ලේකම් රේණුක පෙරේරා මහතා විසින් පෙත්සම ඉදිරිපත් ක‍රන ලද බවයි වාර්තා වන්නේ.

එහි වගඋත්තරකරුවන් ලෙස අමාත්‍ය ආනන්ද විජේපාල, පාර්ලිමේන්තු මහලේකම් සහ නීතිපතිවරයා නම් කර ඇති බව සඳහන්.

මෙම පෙත්සම මගින් දක්වා ඇත්තේ වගඋත්තරකාර ආනන්ද විජේපාල මහතා මහජන ආරක්ෂක අමාත්‍යවරයා වශයෙන් ජනාධිපතිවරයා විසින් ඉකුත් නොවැම්බර් මස 18 වනදා පත්කරන ලද අතර පසුව ඉකුත් දෙසැම්බර් මස 10 වන දා නිකුත් වූ මෙරට ඉංග්‍රීසි පුවත්පතක් වාර්තා කළේ මගින් ආනන්ද විජේපාල මහතා ජනාධිපතිවරයාගේ කාර්ය මණ්ඩල ප්‍රධානියා වශයෙන් පත් කර තිබෙන බවයි.

පසුව මේ පිළිබඳව තමා තොරතුරු දැනගැනීමේ පනත යටතේ ඉල්ලීමක් කළ අතර එහිදී අමාත්‍ය ආනන්ද විජේපාල මහතා ජනාධිපතිවරයාගේ කාර්ය මණ්ඩල ප්‍රධානියා වශයෙන් පත්කර තිබෙන බව තහවුරු කරගත් බවත් පෙත්සම්කරු සඳහන් තිබෙනවා.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 91 වන ව්‍යවස්ථාව යටතේ රාජ්‍ය සේවයේ නිරත අයෙකු පාර්ලිමේන්තුවේ අසුන් ගැනීමට හා ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකම් නොලබන බව දක්වා ඇතැයි පෙත්සම්කරු පවසනවා.

ජනාධිපතිවරයාගේ කාර්යය මණ්ඩල ප්‍රධානියා යනු රාජ්‍ය තනතුරක් යැයි පෙන්වා දෙන පෙත්සම්කරු ඒ අනුව එවැනි තනතුරක් දරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයක් දැරීමට අමාත්‍ය ආනන්ද විජේපාල මහතාට සුදුසුකමක් නොමැති බවත් අදාළ පෙත්සසම මගින් පෙන්වා දී ඇති බව සඳහන්.

ඒ අනුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ප්‍රකාරව ආනන්ද විජේපාල අමාත්‍යවරයාට පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයක් දැරීමට සුදුසුකම් නොමැති බවට තීන්දුකොට ඔහුගේ මන්ත්‍රී ධුරය බල රහිත කිරීමේ තීන්දුවක් ලබාදෙන ලෙසත් පෙත්සම්කරු අධිකරණයෙන් ඉල්ලා තිබෙනවා.

ඊට අමතරව මෙම පෙත්සම විභාග කොට අවසන් තීන්දුවක් ප්‍රකාශයට පත් කරන තුරු ආනන්ද විජේපාල මහතා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වශයෙන් අසුන් ගැනීම හා පාර්ලිමේන්තුවේ ඡන්දය ප්‍රකාශ කිරීම වළක්වාලමින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙස ද පෙත්සමෙන් ඉල්ලා තිබෙනවා.

ආනන්ද විජේපාල මහතා මහජන ආරක්ෂක අමාත්‍ය ධුරයේ කටයුතු කිරීම වළක්වාලන අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙසත් පෙත්සමෙන් වැඩිදුරටත් ඉල්ලා ඇති බව සඳහන්.

  1. මුන්ට කරන්න දෙයක් නැති නිසාත් අනික උන්ගේ අතට සිලිකා නැතුව කසනකොට මොකක් හරි බාල්දියක් හදලා බොරු ප්‍රචාරයක් දාලා නඩු දාන්න හදනවා. මේ අයට කොමිෂන් ගහන්න ක්‍රමයක් නැතිව උණා හැදිලා ඉන්න ගමන් පිස්සුත් හැදිලා ඉන්නේ නිසා වෙන මුකුත් කරන දෙයක් නෑනේ එක එකාගේ පු… ඇඟිලි ගගා ඇවිදිනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බස් එකක් විවෘත කරන්න ජනාධිපති යන්න තරම් පහතට වැටිලා - ජනාධිපති දේශපාලනිකව අසරණවෙලා
04:21
Video thumbnail
දැඩි ආරක්ෂාවක් මැද උසාවියට ගෙන ආ ශිරාන් බාසික් - වටේටම STF එකෙන් දාලා
02:30
Video thumbnail
වස විස නැති පලතුරු කඩවලට රජයෙන් සහතිකයක් - කඩ සිතියම් ගතකරයි
03:23
Video thumbnail
යෝෂිතගේ ලක්ෂ 730ක ඉඩම් නඩුව කල්යයි - හිනාවකුත් දාගෙන ගැම්මට ආපු හැටි
01:16
Video thumbnail
නි.ආරක්ෂක ඇමතිට බංකු අරගෙන ඇවිත් අපෙන් ආ‍රක්ෂාව ගැන උපදෙස් ගන්නවෙලා
08:03
Video thumbnail
ලාල්කාන්ත මාධ්‍යය පෙන්නලා දැම්ම සත්තම - "මු..මුන් අපේ වචනයකට කෙ#න්නමයි හදන්නේ..කෙ#පල්ලකෝ"
02:53
Video thumbnail
කොමිසමෙන් එළියට ආ බන්දුල හෙළිකල දේ - "අපි වෙනස් ජාතියක දේශපාලන සත්වයෝ"
05:20
Video thumbnail
පන්සලේ විදුලි බල්බ නිවලා චෛත්‍යයේ කොත සහ චූඩාමාණික්‍යය හොරු උස්සලා
01:47
Video thumbnail
රුවන්වැලි මහසෑ නායක හිමියන් ළමා දිනය වෙනුවෙන් කළ අපූරු ක්‍රියාව
14:57
Video thumbnail
නපති ප්‍රධානත්වයෙන් අරඹපු කටුනායකට ගුවන් යානා ඉන්ධන ගෙන යන නව නළ මාර්ගයේ ඉදිකිරීම
01:06