නාමල්ගෙන් අමෙරිකාවට එරෙහිව ප්‍රකාශයක් – NGO ගැනත් වහාම පරීක්ෂණයක් අවශ්‍යයි

ශ්‍රී ලංකාවේ රාජ්‍ය නොවන සංවිධාන විදේශ ආධාර හසුරුවා ඇති ආකාරය පිළිබඳ ව රජය විසින් පරීක්ෂණයක් පැවැත්විය යුතු බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසනවා.

X පණිවිඩයක් නිකුත් කරමින් මන්ත්‍රීවරයා සඳහන් කරන්නේ, අන්තර්ජාතික සංවර්ධනය සඳහා වූ එක්සත් ජනපද ඒජන්සිය(USAID) හරහා අරමුදල් ලබාගෙන ව්‍යාපෘති ක්‍රියාත්මක කළ රාජ්‍ය නොවන සංවිධාන සහ වෙනත් පාර්ශ්ව සම්බන්ධයෙන් රජය විසින් පරීක්ෂණයක් පවත්වා එහි වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට රජය කටයුතු කළ යුතු බවයි.

නාමල් රාජපක්ෂ මහතා වැඩිදුරටත් සිය X පණිවිඩයේ මෙසේ සඳහන් කරනවා.

‘ලොව පුරා ව්‍යාපෘති රැසකට අරමුදල් සැපයූ USAID ආයතනය, බටහිර මාධ්‍ය සමඟ මතභේදාත්මක කේන්ද්‍රස්ථානයකට පැමිණ ඇති අතර, මානුෂීය ආධාර මුවාවෙන් තම අරමුදල් වෙනත් රටවල අවුල්සහගත හා අස්ථාවරත්වයක් ඇති කිරීමට යොදාගත් බවට චෝදනා කරයි.

ශ්‍රී ලංකාවට පමණක් මෑත වසරවලදී USAID ආයතනයෙන් ඩොලර් මිලියන ගණනක අරමුදල් සහ ප්‍රදාන ලැබිණි. රාජ්‍ය නොවන සංවිධාන 100කට අධික සංඛ්‍යාවක් මෙම අරමුදල් සෘජුවම ලබාගත් අතර දේශපාලනඥයන්, මාධ්‍යවේදීන් යන සියල්ලන්ම USAID ආයතනයෙන් ප්‍රතිලාභ ලබාගත්තා.

ඔවුන් තම ප්‍රදාන සහ ආධාර හරහා බොහෝ අංශවලට විවිධාංගීකරණය වී ඇත. එහෙත් මෙම අරමුදල් භාවිතා කළ ආකාරය පිළිබඳ පැහැදිලි වාර්තා නොමැත.

USAID යටතේ ක්‍රියාත්මක වන මෙම ව්‍යාපෘති සහ ප්‍රදාන පිළිබඳව පරීක්ෂණයක් පවත්වා පාර්ලිමේන්තුවට සවිස්තර වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස මම රජයෙන් ඉල්ලා සිටිමි. ඒවායින් ප්‍රතිලාභ ලැබූ මෙම රාජ්‍ය නොවන සංවිධාන පිළිබඳ සවිස්තරාත්මක වාර්තාවක් ද ඉදිරිපත් කළ යුතුය.

රාජ්‍ය නොවන සංවිධාන සඳහා අරමුදල් සැපයීම සඳහා වන රෙගුලාසි වසර ගණනාවක් තිස්සේ යෝජනා වී තිබුණත් ඒවා තවමත් ක්‍රියාත්මක කර නොමැත. විනිවිදභාවය පවත්වාගැනීම සඳහා මෙම රෙගුලාසි ගෙන එන ලෙස මම රජයෙන් ඉල්ලා සිටිමි.’ යනුවෙන්..

namal


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14