ප්‍රභූ රථ වාහන පෙළක් මාර්ගය අවහිරවන ආකාරයෙන් ගමන් ගන්නා අයුරු දැක්වෙන වීඩියෝවක් මේ දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වනවා.
මේ සම්බන්ධයෙන් පොලිසිය විසින් අද (03) පෙරවරුවේ කැඳවා තිබූ ප්‍රවෘත්ති සාකච්ඡාවේ දී අවදානයට ලක් වුණා.
ඒ, අනුව මෙම සිද්ධිය පිළිබඳව මාධ්‍යවේදීන් විසින් පොලිසියේ කරුණු විමසා සිටියා.
ඊට ප්‍රතිචාර දැක්වූ රථවාහන පාලනය හා මාර්ග ආරක්ෂාව දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ඉන්දික හපුගොඩ සඳහන් කළේ මෙලෙස සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණයවන වීඩියෝව පැරණි එකක් බවයි.
මෙය මෑතක දී සිදු වූ සිදුවීමක් නොවන බවත් මීට වසර ගණනාවකට පෙර සිදු වූ සිදුවීමක් බවයි නියෝජ්‍ය පොලිස්පතිවරයා මෙහිදී වැඩිදුරටත් සඳහන් කර සිටියේ.
එමෙන්ම අදාළ වීඩියෝවේ දැක්වෙන රථ වාහන පෙළ ප්‍රභූ රථ නොවන බවයි නියෝජ්‍ය පොලිස්පතිවරයා මෙහිදී පැවසුවේ.
මේ වනවිට රට තුළ කිසිඳු මාර්ගයක් ප්‍රභූ රථ ගමන් කිරීම සඳහා වසා දැමීමක් සිදුනොකරන බව ද ඔහු පැවසුවා.














It was so obvious that it was one of the older happening. People who try to mislead the masses should be brought to books.
Indeed. It’s about time these stupid YouTubers stop these nonsense. They just pick some old clips which took place years ago and upload as if it’s happening now. Catch them and punish them for misleading the general public.