මිල්ටන් උදුරා යන ෆ්ලොරීඩා ප්‍රාන්තය – මිලියන 03කට ජලය හා විදුලියත් නෑ

අමෙරිකා එක්සත් ජනපදයට මේ වනවිට (10) රිංගා ඇති ‘මිල්ටන්’ සුළි කුණාටුව හේතුවෙන් ප්‍රධාන නගර කිහිපයක විදුලි පද්ධතිය හා ජල සැපයුම් ඇනහිට තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කරන පරිදි ‘මිල්ටන්’ ලෙසින් නම්කෙරුණු මෙම සුළි කුණාටුවෙන් ෆ්ලොරීඩා ප්‍රාන්තයේ මිලියන 03ක ප්‍රජාවට විදුලිය අහිමි ව ගොස් ඇති බවයි.

මෙම සුළි කුණාටුව නගරය හරහා වේගයෙන් ගමන් කරමින් ඇති බවත්; විශාල ගංවතුරක්, නායයෑම් තත්ත්වයක් ඇති කර තිබෙන බවයි වාර්තා වන්නේ.

අත්ලන්තික වෙරළ තීරයෙන් රට තුළට කඩා වැදි මිල්ටන් කුණාටුවෙන් මියගිය ගණන ද ඉහළ ගොස් තිබෙනවා.

විශේෂයෙන් ම ෆ්ලොරීඩා ප්‍රාන්තයේ බටහිර වෙරළ තීරයේ ශාන්ත පීටර්ස්බර්ග් නගරයේ ද ජල සැපයුම නැවතී ඇති අතර; සුළ පහර තීව්‍ර වීමෙන් දොඹකරයක් පුවත් ඒජන්සියක් මතට ද කඩා වැටී ඇති බවයි පැවසෙන්නේ.

මෙම සුළිකුණාටුව යළිත් අත්ලන්තික් වෙරළට ගමන් කරමින් තිබුණ ද ඇදහැලෙන වර්ෂාවේ හෝ සුළං තත්ත්වයේ අඩුවීමක් වාර්තා වන්නේ නැහැ.

ෆ්ලොරීඩාවේ හදිසි ප්‍රතිචාර ඒකකයේ ජ්‍යේෂ්ඨ නිලධාරීන් ටොම් බැට්මන් සඳහන් කරන්නේ බොහෝ පිරිස් හදිසි ඇමතුම් ඒකක සම්බන්ධ කරගැනීමට උත්සාහ දැරුවද පවතින තත්ත්වය අනුව එය ද අතිශය භයානක බවයි.

ෆ්ලොරීඩා ප්‍රාන්තයේ සහ ඉන් පිටත, ශාන්ත පීටර්ස්බර්ග් ඇතුළු සියලුම ප්‍රවේශ ස්ථාන “අනතුරුදායක තත්ත්වයන්” හේතුවෙන් නැවත දැනුම්දෙන තුරු වසා දැමීමට පියවර ගෙන ඇති බව Pinellas County Sheriff’s Office නිවේදනය කරනවා.

ඔවුන් පවසන්නේ මෙම වසා දැමීම Fort de Soto සහ Sand Key ඇතුළු අන්තර් දූපත් සඳහා ද අදාළ වන බවයි.

මිල්ටන් හේතුවෙන් ප්‍රාන්තය පුරා පැයට සැතපුම් 101ක වේගයෙන් සුළං හමා යන බවට ද වාර්තා වනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පන්දම් අරගෙන ලිප්ටන් වට රවුම වටලයි
00:42
Video thumbnail
සජබ උද්ඝෝෂණය තිබෙන ස්ථානය නිරීක්ෂණයට ගිය සජිත් ඇතුළු පිරිස
00:45
Video thumbnail
අපි පාර්ලිමේන්තුවෙන් එළියට බැස්සා ඇමතිකම් අතහැරලා - රාජිත ආණ්ඩුවට සැරටම අමතයි
02:43
Video thumbnail
ඒකාබද්ධ වෘර්තීය සමිති පන්දම් අරගෙන ලිප්ටන් වට රවුම වටලයි - අනුර, හර්ෂ පුරප්පාඩු පුරවාපන්
01:00
Video thumbnail
කොට අයට අනිවාර්ය නැති සීට් බෙල්ට් නීතිය - අඩි හතර හමාරට අඩු අයට සීට් බෙල්ට් නීතිය අනිවාර්ය නෑ
01:00
Video thumbnail
වලංගු බලපත්‍ර තියෙන සේවිකාවන් අයාලේ පනතෙන් කොහොමද අත්අඩංගුවට ගන්නේ ?
02:58
Video thumbnail
Praharaya | සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහණ බණ්ඩාර සහභාගීවන ප්‍රහාරය වැඩසටහන
00:00
Video thumbnail
සජබ උද්ඝෝෂණය තිබෙන ස්ථානය නිරීක්ෂණයට ගිය සජිත් ඇතුළු පිරිස - මරික්කාර් හතර වටේම පෙන්නයි
00:51
Video thumbnail
රටේ සියල්ල පැලවත්තට වහල් කරන්න හදන්නේ - හිතා මතා අධිකරණය විනාශ කරන්න ගෙන එන මෙවලමක්
04:39
Video thumbnail
SPA කියන හැම එකක්ම අපේ නෙවෙයි - SPA වැටලීම් ගැන පොලිසිය එක්ක සාකච්ඡා කරලා අපි විසඳගත්තා
06:38