spot_img
AFC Banner
Empty Ad
Empty Ad

මිණිබිරිය නිසා තනතුරෙන් නොයා ඉන්න විදුහල්පතිනිය

විශ්‍රාම යාමෙන් පසුවත් තනතුරේ රැඳී සිටීමට කොළඹ ප්‍රධාන පෙළේ බාලිකා පාසලක විදුහල්පතිනියක් මේ දිනවල අප්‍රමාණ වෙහෙසක් ගනිමින් සිටින බවට තොරතුරු වාර්තා වනවා.

මෙම වසරේදී හැට පනින මෙම විදුහල්පතිනිය තවත් මාස කිහිපයකට හෝ සේවා දීර්ඝයක් ලබා ගැනීමට දත කමින් සිටින්නේ පළමු ශ්‍රේණියට දරුවන් ඇතුළත් කිරීමේ කාලසීමාව ‘අතිශයින් වැදගත්’ වන නිසා පමණක් නොව මෙවර තමන්ගේ මිනිබිරියක්ද පාසලට ඇතුළත් කර ගැනීමට සිටින නිසා බවයි වාර්තා වන්නේ.

තමන්ගේ අරමුණ වෙනුවෙන් බළලුන් ලවා කොස්ඇට බාවන්නාසේ පාසලේ ආදි ශිෂ්‍යාවන්ගේ සංගමය මේ සඳහා මැදිහත් කර ගෙන සිටියි. එම සංගමය දැනටමත් අධ්‍යාපන අමාත්‍යාංශයෙන් ඉල්ලීම් කර ඇත්තේ විදුහල්පතිනිය මේ දක්වා පාසලට කර ඇති සේවය සලකා බලා සේවා දිගුවක් ලබා දෙන ලෙසයි. ඒ සඳහා අමාත්‍යාංශය ද කිසිදු ප්‍රතිචාරයක් දක්වා නොමැත. ඊට හේතු වී ඇත්තේ කිසිදු හේතුවක් මත සේවා දිගු නොදෙන්නේය යන ස්ථාවරයේ අමාත්‍යාංශය සිටින හෙයිනි. තමන්ගේ අවශ්‍යතාව ඉටු කර ගැනීමට අමාත්‍යාංශය බාධාවක් වන බව ඒත්තු යාම නිසා මේ දිනවල ඇය දේශපාලකයන් ගේ ගුණ ගායනා කරමින් සිටින බවද සඳහන්.

කවර බලපෑමක් මධ්‍යයේ වුවද හැට පනින නිලධාරීන්ට සේවා දිගු නොදෙන බවට අමාත්‍යාංශය දැනටමත් ප්‍රකාශ කිරීම හේතුවෙන් විදුහල්පතිනිය තූෂ්ණිම්භූතව සිටියි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?