මිණිබිරිය නිසා තනතුරෙන් නොයා ඉන්න විදුහල්පතිනිය

විශ්‍රාම යාමෙන් පසුවත් තනතුරේ රැඳී සිටීමට කොළඹ ප්‍රධාන පෙළේ බාලිකා පාසලක විදුහල්පතිනියක් මේ දිනවල අප්‍රමාණ වෙහෙසක් ගනිමින් සිටින බවට තොරතුරු වාර්තා වනවා.

මෙම වසරේදී හැට පනින මෙම විදුහල්පතිනිය තවත් මාස කිහිපයකට හෝ සේවා දීර්ඝයක් ලබා ගැනීමට දත කමින් සිටින්නේ පළමු ශ්‍රේණියට දරුවන් ඇතුළත් කිරීමේ කාලසීමාව ‘අතිශයින් වැදගත්’ වන නිසා පමණක් නොව මෙවර තමන්ගේ මිනිබිරියක්ද පාසලට ඇතුළත් කර ගැනීමට සිටින නිසා බවයි වාර්තා වන්නේ.

තමන්ගේ අරමුණ වෙනුවෙන් බළලුන් ලවා කොස්ඇට බාවන්නාසේ පාසලේ ආදි ශිෂ්‍යාවන්ගේ සංගමය මේ සඳහා මැදිහත් කර ගෙන සිටියි. එම සංගමය දැනටමත් අධ්‍යාපන අමාත්‍යාංශයෙන් ඉල්ලීම් කර ඇත්තේ විදුහල්පතිනිය මේ දක්වා පාසලට කර ඇති සේවය සලකා බලා සේවා දිගුවක් ලබා දෙන ලෙසයි. ඒ සඳහා අමාත්‍යාංශය ද කිසිදු ප්‍රතිචාරයක් දක්වා නොමැත. ඊට හේතු වී ඇත්තේ කිසිදු හේතුවක් මත සේවා දිගු නොදෙන්නේය යන ස්ථාවරයේ අමාත්‍යාංශය සිටින හෙයිනි. තමන්ගේ අවශ්‍යතාව ඉටු කර ගැනීමට අමාත්‍යාංශය බාධාවක් වන බව ඒත්තු යාම නිසා මේ දිනවල ඇය දේශපාලකයන් ගේ ගුණ ගායනා කරමින් සිටින බවද සඳහන්.

කවර බලපෑමක් මධ්‍යයේ වුවද හැට පනින නිලධාරීන්ට සේවා දිගු නොදෙන බවට අමාත්‍යාංශය දැනටමත් ප්‍රකාශ කිරීම හේතුවෙන් විදුහල්පතිනිය තූෂ්ණිම්භූතව සිටියි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මේ ආණ්ඩුව රටේ ආර්ථිකය විකෘති කරලා ඉවරයි - ආයේ බලන්න දෙයක් නෑ
05:07
Video thumbnail
පල්ලේගම හේමරතන හිමි වැරදියි කියලා තාම ඔප්පුවෙලා නෑ
12:58
Video thumbnail
තව මාස 4කට රටේ වැසි තත්ත්වයක්..? කාලගුණය ගැන අනතුරු අඟවයි
03:10
Video thumbnail
වන අලි තර්ජනය නිසා ගමක් අමාරුවේ වැටෙයි
00:50
Video thumbnail
මේ රජය බිම හිටියට දැන් බිම අඳුරන්නේ නෑ.. හොරු හොරු කිව්වා තාම අල්ලපු හොරෙකුත් නෑනේ
03:59
Video thumbnail
මම බයත් නෑ මම ණයත් නෑ..මම කාටවත් කඩේ ගිහින් නෙවෙයි මේවා කලේ..
03:00
Video thumbnail
මම මාලිමාවට කඩේ යන්නෙ නෑ..දේශපාලකයින්ට කට උත්තර නැතිවෙන්නම් රාහුල හිමි දෙසයි..
03:52
Video thumbnail
අල්පේජ්ජතාවය නිසා රාහුල හිමිට යකා නගියි..උණුසුම් තත්ත්වයක්..රත්තරං මාළිගාවලනේ බුදු හාමුදුරුවෝ හිටියේ
08:42
Video thumbnail
බණ අහන රටම මෙහෙම දෙයක් වෙන්න පුළුවන්ද ?බණ අහලා හැදිච්ච එකෙක්වත් නෑ
03:15
Video thumbnail
ඇයි අටමස්ථානාධිපති ධුරයෙන් ඉවත් නොකරන්නේ ?සමාජ මාධ්‍යයේ කෑගැහුවට වැඩක් නෑ
01:47