spot_img
AFC Banner
Empty Ad
Empty Ad

මැලේසියාවේ දී බොයිලේරුවක් ඇඟට වැටී මිය ගිය ලාංකික තරුණයාගේ අවසන් කටයුතු අද

මැලේසියාවේ අවන්හලක සේවය කරමින් සිටිය දී හදිසි අනතුරකට ලක්ව ජීවිතක්ෂයට පත් වූ ශ්‍රී ලාංකික තරුණයාගේ අවසන් කටයුතු අද (12) පස්වරුවේ සිදුකිරීමට නියමිතයි.

උණු වතුර බොයිලේරුවක් ඇඟ මතට පෙරළීමෙන් සිදු වූ අනතුරින් ජීවිතක්ෂයට පත් වුණේ මස්කෙළිය, බ්‍රන්ස්වික් වතුයායේ, මොටින්හෑම් කොටසේ පදිංචිව සිටි 24 හැවිරිදි තරුණයෙක්.

මෙම තරුණයා දැනට වසර එක හමාරකට පමණ පෙර මැලේසියාවේ රැකියාවක් සඳහා ගොස් ඇති අතර, එහිදී ඔහු අවන්හලක සේවය කර තිබෙනවා.

එම අවන්හලේ සේවය කරමින් සිටිය දී උණුවතුර සහිත බොයිලේරුවක් ඔහුගේ අඟ මතට වැටීමෙන් ඔහු අනතුරකට ලක්ව තිබුණා.

බොයිලේරුවේ තිබූ උණුවතුර ශරීරයට වැටීමෙන් බරපතළ පිළිස්සුම් තුවාල ලැබූ මෙම තරුණයා මැලේසියාවේ පෞද්ගලික රෝහලකට ඇතුළත් කර ඇති අතර, එහි ප්‍රථිකාර ලබමින් සිටිය දී පසුගිය 04 වනදා ජීවිතක්ෂයට පත් වුණා.

එලෙස අවාසනාවන්ත ලෙස මැලේසියාවේ දී ජීවිතක්ෂයට පත් වූ දුරෙයිරාජ් රාජ්කුමාර් ඩේවිඩ්සන් නැමැති මෙම තරුණයාගේ දේහය පසුගිය දා දිවයිනට රැගෙන ආවා.

එලෙස රැගෙන ආ ඔහුගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද (12) පෙරවරු 2.00ට බ්‍රන්ස්වික් වතුයායේ, මොටින්හෑම් කොටසේ පොදු සුසාන භූමියේ දී සිදුකිරීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
0
+1
2
+1
42
+1
9
+1
2
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?