spot_img
AFC Banner
Empty Ad
Empty Ad

මැනිං වෙළඳපළේ පළතුරු සංගමයේ සභාපති ඝාතනයට තුනක් අල්ලයි (ඡායාරූප)

පෑලියගොඩ මැනිං වෙළඳපළේ පළතුරු සංගමයේ සභාපති සමන්ත ප්‍රදිප් කුමාර හෙවත් ‘අඹ ෂානා’ වෙඩි තබා ඝාතනය කිරීමට අනුබල දුන් පුද්ගලයන් තිදෙනෙකු පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකරුවන් සම්බන්ධයෙන් ලද තොරතුරකට අනුව ඊයේ (15) පස්වරුවේ කැළණිය ප්‍රදේශයේ දී සහ ගෝනවල ප්‍රදේශයේ දීයි ඔවුන් අත්අඩංගුවට ගෙන ඇත්තේ.

අත්අඩංගුවට ගැනුණු සැකකරුවන් වයස අවුරුදු 26, 38 සහ 39 යන වයස්වල පසුවන කැළණිය ප්‍රදේශයේ පදිංචිකරුවන් බව සඳහන්.

ඔවුන් සන්තකයේ තිබී යතුරුපැදි දෙකක්, ජංගම දුරකතන තුනක්, විවිධ පුද්ගලයන්ට අයත් ජාතික හැඳුනුම්පත් හතරක් සහ විදේශ ගුවන් බලපත්‍රයක් සොයා ගැනීමට හැකිව තිබෙනවා.

සැකකරුවන් වැඩිදුර විමර්ශන සඳහා පෑලියගොඩ පොලිස් ස්ථානය වෙත භාර දුන් බවයි විශේෂ කාර්ය බලකාය සඳහන් කළේ.

පෑලියගොඩ මැනිං වෙළඳපළේ පළතුරු සංගමයේ සභාපති සමන්ත ප්‍රදිප් කුමාර හෙවත් අඹ ෂානා නැමැති පුද්ගලයා පසුගිය ජුනි මස 21 වනදා වෙඩි තබා ඝාතනය කෙරුණා.

සුදු පැහැති මෝටර් රථයකින් පැමිණි පුද්ගලයෙකු වෙඩි තබා එම මෝටර් රථයෙන් ම පළායන ආකාරය අසල තිබූ ආරක්ෂිත කැමරාවල සටහන්ව තිබුණා.

WhatsApp Image 2022 07 16 at 9.26.03 AM 1
WhatsApp Image 2022 07 16 at 9.26.03 AM
WhatsApp Image 2022 07 16 at 9.26.04 AM 1
WhatsApp Image 2022 07 16 at 9.26.04 AM
WhatsApp Image 2022 07 16 at 9.26.05 AM
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?