මැනිං වෙළඳපළේ පළතුරු සංගමයේ සභාපති ඝාතනයට තුනක් අල්ලයි (ඡායාරූප)

පෑලියගොඩ මැනිං වෙළඳපළේ පළතුරු සංගමයේ සභාපති සමන්ත ප්‍රදිප් කුමාර හෙවත් ‘අඹ ෂානා’ වෙඩි තබා ඝාතනය කිරීමට අනුබල දුන් පුද්ගලයන් තිදෙනෙකු පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකරුවන් සම්බන්ධයෙන් ලද තොරතුරකට අනුව ඊයේ (15) පස්වරුවේ කැළණිය ප්‍රදේශයේ දී සහ ගෝනවල ප්‍රදේශයේ දීයි ඔවුන් අත්අඩංගුවට ගෙන ඇත්තේ.

අත්අඩංගුවට ගැනුණු සැකකරුවන් වයස අවුරුදු 26, 38 සහ 39 යන වයස්වල පසුවන කැළණිය ප්‍රදේශයේ පදිංචිකරුවන් බව සඳහන්.

ඔවුන් සන්තකයේ තිබී යතුරුපැදි දෙකක්, ජංගම දුරකතන තුනක්, විවිධ පුද්ගලයන්ට අයත් ජාතික හැඳුනුම්පත් හතරක් සහ විදේශ ගුවන් බලපත්‍රයක් සොයා ගැනීමට හැකිව තිබෙනවා.

සැකකරුවන් වැඩිදුර විමර්ශන සඳහා පෑලියගොඩ පොලිස් ස්ථානය වෙත භාර දුන් බවයි විශේෂ කාර්ය බලකාය සඳහන් කළේ.

පෑලියගොඩ මැනිං වෙළඳපළේ පළතුරු සංගමයේ සභාපති සමන්ත ප්‍රදිප් කුමාර හෙවත් අඹ ෂානා නැමැති පුද්ගලයා පසුගිය ජුනි මස 21 වනදා වෙඩි තබා ඝාතනය කෙරුණා.

සුදු පැහැති මෝටර් රථයකින් පැමිණි පුද්ගලයෙකු වෙඩි තබා එම මෝටර් රථයෙන් ම පළායන ආකාරය අසල තිබූ ආරක්ෂිත කැමරාවල සටහන්ව තිබුණා.

WhatsApp Image 2022 07 16 at 9.26.03 AM 1
WhatsApp Image 2022 07 16 at 9.26.03 AM
WhatsApp Image 2022 07 16 at 9.26.04 AM 1
WhatsApp Image 2022 07 16 at 9.26.04 AM
WhatsApp Image 2022 07 16 at 9.26.05 AM


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.08.07
01:12:31
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.08.07
03:37:10
Video thumbnail
අධිකරණ ඇමතිගෙන් රැඳවියන්ගේ ඥාතීන්ට පණිවිඩයක් - ඉතා ඉක්මනින් රස පරීක්ෂණ වාර්තා දෙනවා
04:27
Video thumbnail
පල්ලන්සේන බන්ධනාගාරය ඥාතීන් ඇවිත් උණුසුම් තත්ත්වයක් - හිඟාකන්නද කියන්නේ ?එකෙක්වත් යන්න එපා
05:24
Video thumbnail
ගැම්මට අධිකරණයට පැමිණි චින මල්ලිට වෙච්ච දේ බලන්නකෝ - මොකක්ද ඒ බිමට වැටුණේ ?
01:19
Video thumbnail
ශිරාණි බණ්ඩාරනායක ගෙදර යවලා අවුරුදු දෙකෙන් මහින්ද ගෙදර ගියා - ග#න ගැ#ල්ලට ඉඩ දෙන්න එපා
15:40
Video thumbnail
පොහොට්ටුවේ මීනු ආණ්ඩුවට රිදෙන්න දෙයි - එක සද්දයයි ආවේ පාතාලයට බයවුණා
05:22
Video thumbnail
ටිල්වින් කිව්ව අමුතු කතාව - සදා මිස් මට වැඩිය කතා කරන්නේ නෑ..මැසේජ් තමයි එවන්නේ
04:41
Video thumbnail
අභියාචනාධිකරණ 9ක් කරන්න හදන්නේ - මේ රාජ්‍ය ඉවරයි - මම කැමති නෑ ඒකට
07:24
Video thumbnail
ඉස්සර හොරකම් කරපු හොරු වගේම දැන් හොරකම් කරපු හොරුත් ඉන්නවනේ - දැන් දාන්නේ පැලැස්තර..
14:52