මැදපෙරදිගට ශ්‍රී ලාංකිකයින් යැවීමේ දී වගකීමෙන් වැඩ කරන ලෙසට රජයට ඉල්ලීමක්

කිසිදු ආරක්ෂාවක් සහතික නොකර, රැකියා ලබාදීමේ අරමුණින් ම පමණක් ශ්‍රී ලාංකිකයින් ව එතෙර යැවීම බරපතළ ගැටලුවක් බව ‘එතෙර අපි සංවිධානයේ’ සභාපති සුනිල් හඳුන්නෙත්ති පවසනවා.

විදේශගත ව සිටින ශ්‍රී ලාංකිකයින් මේ වනවිට විශාල ගැටලුවලට මුහුණ පා ඇති බවත්, ජාත්‍යන්තර ගැටලුවක් බවට පත් ව තිබෙන ඊශ්‍රායල – පලස්තීන යුද ගැටුමෙන් මෙරටින් එරට රැකියා සඳහා ගිය පිරිස් ද අසීමිත දුක් විඳින බවත් පෙන්වා දුන්නා.

ඊශ්‍රායලයේ සේවය කරන 8000ක් පමණ වූ ශ්‍රී ලාංකික ප්‍රජාව මුහුණදෙන ගැටලු ගණනාවක් ඇති බවත්, මේ වනවිටත් ශ්‍රී ලාංකිකයින් දෙදෙනකු ජීවිතක්ෂයට පත් ව ඇති බවත් එය දැඩි අර්බුදයක් බවත් එතෙර අපි සංවිධානය අවධාරණය කරනවා.

එතෙර රැකියාවලට ගොස් පවතින යුදමය වාතාවරණයක් තුළ දී ජීවිතයෙන් සමුගත් ශ්‍රී ලාංකිකයින් දෙපළගේ පවුල්වල ඥාතීන් හට සිය ශෝකය පළ කර සිටින බවයි මෙම සංවිධානය කියා සිටින්නේ.

මෙරට අධි ආර්ථික පීඩන බර හේතුවෙන් බොහෝ පිරිස් යුද ගැටුම් ඇති රටවල් වෙත යන බවත්, එහිදී ඔවුන් නිරායුධ ව සිට, අදාළ ම නොවන දේශ සීමා අර්බුදයක් හේතුවෙන් වෙනත් රටක දී සිය ජීවිතවලින් වන්දි ගෙවූයේ ඔවුන්ගේ ජීවිත සම්බන්ධයෙන් රජය කිසිදු ආරක්ෂිත වැඩපිළිවෙළක් ක්‍රියාත්මක නොකළ නිසා බව ද සුනිල් හඳුන්නෙත්ති ප්‍රකාශ කරනවා.

මෙම රටවල් හිටිහැටියේ ම ආරවුල් නිරාකරණයකට සාම සාකච්ඡා පවත්වා එළඹිය ද, යළිත් පෙර පරිදි ම ශ්‍රී ලාංකිකයින් ව වගකීමකින් තොර ව යුද්ධයක් ඇති රටවල්වලට යැවීමට සිදු කරන ක්‍රියාවලිය වහාම රජය මැදිහත් ව විසඳිය යුතු බවටයි ඔවුන් පෙන්වාදෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කතාව අස්සේ අර්චුනාට ආ කෑම ප්‍රශ්නය.."මොන මඟුල් පාර්ලිමේන්තුවක්ද මේක..කෑම නෑ පාර්ලිමේන්තුවේ
01:19
Video thumbnail
"මෙරට සිදුවූ සෑම ව්‍යසනයකදීම සාක්ෂිකාරයින් වුණේ පොලිසිය"වැටිච්ච තැනින් නැගිටින්න මේ හොඳම අවස්ථාව
10:21
Video thumbnail
විමල් වීරවංශ අපේ නායකයා හිටියනම් අද එක්කෝ ජනාධිපති නැත්තම් අගමැති වෙන්න තිබුණා
10:22
Video thumbnail
රෝහිණී පාර්ලිමේන්තුව දෙවනත් කරයි.."උද්#ච්චකම තියන් වැඩ කරන්න එපා Please"
09:17
Video thumbnail
කුකුල් කූඩුවකට රිංගූ සුදු නාගයෙකු දැඩි පරිශ්‍රමයක් දරා අල්ලාගත් හැටි.."මේකට ග#යි යකෝ ගනින් ගිහින්"
04:14
Video thumbnail
20 - 20 ලෝක කුසලානය තෙක් කණ්ඩායමේ නායකයා ලෙස දසුන් ශානකව පත්කරයි
03:05
Video thumbnail
ශාන්තිකර්මයක් කරන අස්සේ කපුවෙකුට‍ කිනිසි පෙන්නලා රත්තරං මංකොල්ල කෑ පුද්ගලයෙකුට වැඩ වරදියි
00:55
Video thumbnail
වැඩ තහනම් කෙරූ වෛද්‍ය බෙල්ලෙන බඩු මුට්ටුත් අකුලන් දොට්ට බහියී..රස්සාවක් නැතිවුණොත් මං හිඟා කනවා
02:13
Video thumbnail
අජිත්ගේ අධි නීතිඥකමක් නිසා සජිත් හර්ෂණ පාර්ලිමේන්තුවේ රත්වෙයි.."රටේ අධි නීතිඥ කියලා තනතුරක් නෑ"
03:46
Video thumbnail
පාස්කු ප්‍රහාරයට සම්පූර්ණයෙන්ම වගකියන්න ඕනේ රාජපක්ෂලා..වැස්ස නවත්තන්න ඇයි අනුර, වැහි දෙයියො ද ?
10:37


?