මැතිවරණ රැලිවලට වතු ප්‍රජාව ගෙන්වගන්න බාල වර්ගයේ රා දීලා

ජනාධිපති අපේක්ෂකයන් සඳහා පවත්වන මැතිවරණ රැලි සඳහා වතුකරයේ ජනතාව සහභාගී කරවා ගැනීමට, බෝතල් කළ බාල තත්ත්වයේ ‘රා’ නොමිලේ බෙදා දෙන බවට පැමිණිලි ගණනාවක් ලැබී ඇති බව ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රතිසංස්කරණ සහ මැතිවරණ අධ්‍යයන ආයතනයේ විධායක අධ්‍යක්ෂ මංජුල ගජනායක පවසනවා.

ඒ මහතා කියා සිටියේ, නිසි ප්‍රමිතියකින් තොර ‘රා’ බෝතල් වතුකම්කරුවන්ට ලබාදීම හේතුවෙන් ඔවුන් සේවයට වාර්තා කිරීම ද අඩාල වී ඇති බවයි.

ඒ හේතුවෙන් වතු කම්කරුවන්ගේ කාර්යක්ෂමතාව ද පහළ වැටී ඇති බවට වතු අධිකාරිවරු ඇතුළු වතු පාලනාධිකාරීන් විසින් පැමිණිලි ඉදිරිපත් කර තිබෙනවා.

මෙලෙස ඔවුන් මැතිවරණ රැලි සඳහා සහභාගී කරවා ගැනීමට නිසි ප්‍රමිතියකින් තොර ‘රා’ බෝතල් ලබාදීම මැතිවරණ නීති බරපතළ ලෙස උල්ලංඝනය කිරීමක් බවයි මංජුල ගජනායක පැවසුවේ.

ඒ අනුව ‘බාල රා’ නොමිලේ ජනතාව අතර බෙදාහැරීම දුම්කොළ හා මධ්‍යසාර පනතට අනුව ද වරදක් වන බව ද ඒ මහතා පෙන්වා දුන්නා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
'අපේ ආණ්ඩුව' 'වසර දෙකයි - රටට සුබයි' | ගොවි රැලිය
00:00
Video thumbnail
කොත්තමල්ලි බීලා අපි උඹලව එළවනවා
02:05
Video thumbnail
පොහොට්ටුවේ ‍රැළියට වසන්ත රිදෙන්නම දෙයි - සුන්බුන් දැන් දූවිලි කරපු රැළිය අපි පෙන්නුවා
27:26
Video thumbnail
මාව ම#පල්ලා.. අර්චුනාට යකා ආවේශ වෙයි
04:39
Video thumbnail
ජනපති වේදිකාවට නැගලා පෙර ආණ්ඩුවලට දෙදරන්න දෙයි - අටමගලක් ගෙනත් කෘෂිකර්මාන්තයම විනාශ කළා
09:13
Video thumbnail
අර්චුනාගේ කතාවෙන් මහින්ද පුදුම වෙයි
02:29
Video thumbnail
ආණ්ඩුවට අවුරුදු 2යි, රටටම සාපයක් වෙලා - නිදාගෙන හිටපු සිංහයාව ඇහැරෙව්වා
16:21
Video thumbnail
මහා සමුදුර ශක්තිමත්ව තියෙනකල් NPP ආණ්ඩුව හොල්ලන්න බෑ - ඔබේ දහඩිය සුවඳ දැනෙන මිනිස්සු මේ
15:58
Video thumbnail
පොළොන්නරුවම හොල්ලමින් ජනපති අනුර ගැම්මට වේදිකාවට එයි - මිනිස්සු හතරවටින් ප්‍රීති ඝෝෂා නගයි
01:43
Video thumbnail
පුතා හිරේ, තාත්තා තවමත් ගේමේ - මුහුණට මුහුණ සටනට එන්න
01:15