AFC Banner
Empty Ad
Empty Ad

මාලිගාවත්තේ වෙඩි තැබීමකට ජෝඩුවක් අල්ලයි

පසුගිය වසරේ 09 වන මස පළමු වනදා මාලිගාවත්ත, අබේසිංහාරාම මාර්ගයේ පිහිටි යතුරුපැදි සේවා මධ්‍යස්ථානය සිටි පුද්ගලයෙක් වෙඩිතබා ඝාතනය කළ සිද්ධියට සැකකරුවෙක් සහ සැකකාරියක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ ඝාතනය සිදුකළ ප්‍රධාන සැකකරුට ආධාර අනුබල දුන් වයස අවුරුදු 31ක පුද්ගලයෙක් සහ අවුරුදු 30ක කාන්තාවක්.

මොවුන් දෙදෙනා විසින් ප්‍රධාන සැකකරුට අපරාධය සිදු කිරීමෙන් පසු සැඟවී සිටීමට උපකාර කර ඇති බවයි පොලිසිය පවසන්නේ.

සැකකරු සහ සැකකාරිය බුත්තල ප්‍රදේශයේ ලැඟුම්හලක සැඟව සිටිය දී ඊයේ (21) අලුයම් කාලයේ මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වුණේ.

මෙලෙස අත්අඩංගුවට ගැනුණු සැකකරු බුත්තල ප්‍රදේශයේ පදිංචිකරුවක් වන අතර, සැකකාරිය කඩවත ප්‍රදේශයේ පදිංචි තැනැත්තියක්.

මෙම අපරාධයට සම්බන්ධ ප්‍රධන සැකකරු අත්අඩංගුවට ගෙන මේ වනවිට රක්ෂිත බන්ධාගාර ගතව පසුවනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?