දකුණු කොරියානු ජනපති දෝෂාභියෝගයෙන් පරදියි

දකුණු කොරියානු ජනපතිවරයාට එරෙහිව එරට පාර්ලිමේන්තුවට ගෙන ආ දෙවන දෝෂාභියෝගය වැඩි ඡන්දයෙන් සම්මත වී තිබෙනවා.

ඒ, අනුව මෙම දෝෂාභියෝගයට පක්ෂව ඡන්ද 204ක් හිමිව ඇති අතර, විපක්ෂව හිමිව ඇත්තේ ඡන්ද 85ක් පමණයි.

මන්ත්‍රීවරුන් තිදෙනෙක් ඡන්දයදීමෙන් වැළකී සිටි බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ඒ, අනුව ජනධිපති යූන් සුක් යයෝල්ට එම තනතුරින් ඉවත්වීමට සිදුවන බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් තොරතුරු වාර්තා කර තිබුණේ.

ජනාධිපතිවරයා පසුගිය දෙසැම්බර් 03 වනදා රාත්‍රියේ දී හදිසියේ හමුදා නීතිය පැනවීමේ සිදුවීම මුල් කරගනිමින් එරට විපක්ෂය ඔහුට එරෙහිව දෝෂාභියෝගයක් ගෙන එනු ලැබුවා.

කෙසේ වෙතත් පළමුව ගෙන ආ දෝෂාභියෝගයෙන් ජයගැනීමට ජනාධිපති යුන් සුක් යෝල්ට හැකියාව ලැබුණු අතර, ඔහුට එරෙහිව දෙවන වරටත් දෝෂාභියෝගයක් ගෙන ඒමට විපක්ෂය ඊයේ (13) පියවර ගත්තා.

එලෙස ගෙන එනු ලැබූ දෙවන දෝෂාභියෝගයෙනුයි අද (14) දිනයේ ජනාධිපතිවරයා පරාජයට පත් වුණේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14