spot_img
AFC Banner
Empty Ad
Empty Ad

මාලදෙණියේ අද අලුයම ත්‍රිපුද්ගල ඝාතනයක් – සැකකාර ඥාති පුතා අත්අඩංගුවට

නාල්ල පොලිස් වසමේ මාලදෙණිය, කිතලවලාන ප්‍රදේශයේ නිවසක් තුළ පුද්ගලයින් තිදෙනෙක් ඝාතනය කර ඇති බව වාර්තා වනවා.

අද (19) අලුයම් කාලයේ මෙම ඝාතනයන් සිදුව ඇති අතර, ඝාතනය සිදුකළ සැකකරු නාල්ල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වුණේ.

මුදල් හා රන් භාණ්ඩ සොරා ගැනීමේ අරමුණින් 40 හැවිරිදි සැකකරු විසින් ඔහුගේ බාප්පා, පුංචි සහ සහෝදරයා මෙලෙස ඝාතනය කර ඇති බව නාල්ල පොලිසිය සඳහන් කළා.

අද (19) අලුයම පාපැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයෙක් පරීක්ෂා කළ පොලිසිය ඔහු සතුව තිබී මුදල් සහ රන් අභරණ තොගයක් සොයාගෙන තිබෙනවා.

පසුව ඔහු පොලිසිය වෙත රැගෙන ගොස් සිදුකළ ප්‍රශ්න කිරීම්වල දී ඝාතනයේ තොරතුරු අනාවරණය වූ බවයි පොලිසිය සඳහන් කළේ.

සැකකරු විසින් ඝාතනය කර ඇත්තේ තම බිරිඳගේ බාප්පා, පුංචි සහ ඔවුන්ගේ දරුවා බවයි අනාවරණය වී ඇත්තේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
6
+1
1
+1
2
+1
11
+1
6
+1
5
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?