මාලදෙණියේ අද අලුයම ත්‍රිපුද්ගල ඝාතනයක් – සැකකාර ඥාති පුතා අත්අඩංගුවට

නාල්ල පොලිස් වසමේ මාලදෙණිය, කිතලවලාන ප්‍රදේශයේ නිවසක් තුළ පුද්ගලයින් තිදෙනෙක් ඝාතනය කර ඇති බව වාර්තා වනවා.

අද (19) අලුයම් කාලයේ මෙම ඝාතනයන් සිදුව ඇති අතර, ඝාතනය සිදුකළ සැකකරු නාල්ල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වුණේ.

මුදල් හා රන් භාණ්ඩ සොරා ගැනීමේ අරමුණින් 40 හැවිරිදි සැකකරු විසින් ඔහුගේ බාප්පා, පුංචි සහ සහෝදරයා මෙලෙස ඝාතනය කර ඇති බව නාල්ල පොලිසිය සඳහන් කළා.

අද (19) අලුයම පාපැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයෙක් පරීක්ෂා කළ පොලිසිය ඔහු සතුව තිබී මුදල් සහ රන් අභරණ තොගයක් සොයාගෙන තිබෙනවා.

පසුව ඔහු පොලිසිය වෙත රැගෙන ගොස් සිදුකළ ප්‍රශ්න කිරීම්වල දී ඝාතනයේ තොරතුරු අනාවරණය වූ බවයි පොලිසිය සඳහන් කළේ.

සැකකරු විසින් ඝාතනය කර ඇත්තේ තම බිරිඳගේ බාප්පා, පුංචි සහ ඔවුන්ගේ දරුවා බවයි අනාවරණය වී ඇත්තේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාමල් අන්තිමට කියලා ගිය දේ.. මම උත්තර දුන්නොත් මහත්තුරුන්ට ප්‍රශ්නයක් වෙනවා
00:54
Video thumbnail
රාජපක්ෂ පවුලේ නඩු නැති කෙනෙක් නෑනේ - අනේ අර වයසක උන්දටත් නඩුනේ..කට්ටියගේ ලෙඩ වැඩිවෙලා
01:40
Video thumbnail
අනුරාධපුරට ලක්ෂ ගාණක් වෙන් කළා නේද.. කෝ ඒවා..?
02:07
Video thumbnail
නාමල්ගේ සගයන් කොටුව උසාවියට එයි
00:32
Video thumbnail
නාමල් කොටුව උසාවියට
00:27
Video thumbnail
නාමල්ද, වෙන මොන රාජපක්ෂද, වික්‍රමසිංහද ඒක අදාළ නෑ අපිට - වැරදි කරපු අයට අනිවාර්යෙන් දඬුවම්
03:20
Video thumbnail
නාමල් රාජපක්ෂ 23 වැනිදා දක්වා රිමාන්ඩ්
01:04
Video thumbnail
22 එරෙහිව 24වෙනිදා මුළු රටම එකතු කරනවා පාර්ලිමේන්තු වට රවුමට - දේශපාලනය ගෙනල්ලා මේක කඩන්න එපා
08:11
Video thumbnail
මහින්දගෙන් පාඩමක් ඉගෙනගන්න - තිස්සකුට්ටිට දුමින්ද උත්තර දෙයි
05:47
Video thumbnail
විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ කළු විරෝධතාව
02:18