spot_img
AFC Banner
Empty Ad
Empty Ad

මහ බැංකු අධිපතිගෙන් අනතුරු ඇඟවීමක්

කඩිනමින් ශ්‍රී ලංකාව තුළ ස්ථාවර රජයක් ස්ථාපනය නොකළහොත් රට අකර්මණ්‍ය විය හැකි බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ අනතුරු අඟවනවා.

බී.බී.සී නාලිකාවේ නිව්ස් නයිට් වැඩසටහනට සහභාගී වෙමින් මහ බැංකු අධිපතිවරයා මේ බව සඳහන් කළා.

ඉදිරියේ දී ඉන්ධන ආනයනය සඳහා ප්‍රමාණවත් විදේශ විනිමය ශ්‍රී ලංකාවට සොයා ගත හැකි වේ දැයි විශාල අවිනිශ්චිතතාවයක් පවතින බවයි ඔහු එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ප්‍රකාශ කළේ.

එමෙන්ම එහිදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහයෝගය ලබා ගැනීම සඳහා පැවැත්වෙන සාකච්ඡාවල ප්‍රගතිය ස්ථාවර රජයක් පත්වීම මත රඳා පවතින බව ඔහු මෙහිදී පෙන්වා දුන්නා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
28
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?