මහා සංඝරත්නය මුහුණපාන කාලීන ගැටලු බුද්ධශාසන සභාවේ දී අවධානයට

ශ්‍රී ලංකාවේ සම්බුද්ධ ශාසනයේ සුරක්ෂිතතාව සහ උන්නතිය වෙනුවෙන්, සියලු නිකායන් නියෝජනය වන පරිදි පිහිටුවා ඇති “බුද්ධශාසන සභාව” අද (01) දින බුද්ධශාසන අමාත්‍යාංශයේදී රැස්වුණා.

පූජනීය මහා සංඝරත්නයේ පූර්ණ මැදිහත්වීමෙන් පැවති මෙම හමුවේදී ශාසනික හා ජාතික වැදගත්කමකින් යුත් ප්‍රධාන කරුණු රැසක් පිළිබඳව අවධානය යොමු කෙරුණා.

බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවිගේ සහ අමාත්‍යාංශ ලේකම් ප්‍රින්ස් සේනාධිරගේ මූලිකත්වයෙන් පැවති මෙම හමුවේ දී පසුගිය කාලය තුළ සිදුකළ කටයුතු සමාලෝචනය කිරීම සහ ඉදිරි වැඩකටයුතු පිළිබඳව සාකච්ඡා කිරීම සිදු කෙරුණා.

ජාතික නැකත් කමිටුව විසින් සම්පාදනය කරන ලද 2027 සිංහල අලුත් අවුරුදු නැකත් සීට්ටුව පූජනීය මහා සංඝරත්නය වෙත පිළිගැන්වීම පළමුවෙන්ම සිදු කෙරුණා.

එමෙන්ම, දිට්වා සුළි කුණාටුව හේතුවෙන් ආපදාවට ලක්වූ විහාරස්ථාන ප්‍රතිසංස්කරණය කිරීම සඳහා ක්‍රියාත්මක “අධිෂ්ඨානයේ සංහිඳ” ජාතික වැඩසටහනේ ප්‍රගතිය විමසා බැලීම සහ යතිවර මාපිය නිවහන වැඩසටහනේ ප්‍රගතිය සමාලෝචනය කිරීම ඇතුළු කරුණු රැසක් පිළිබඳව මෙහිදී සාකච්ඡා වුණා.

විශේෂයෙන්ම, බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය යාවත්කාලීන කිරීම සහ භික්ෂූන් වහන්සේලා ලියාපදිංචි කිරීම සම්බන්ධයෙන් පැහැදිලි කිරීම් සිදු කෙරුණා.

තවද, දහසක් පුරාවිද්‍යා ස්ථාන සංරක්ෂණය කිරීම සඳහා ක්‍රියාත්මක “උරුමයට ජීවයක්” වැඩසටහන පිළිබඳව පැහැදිලි කිරීමක් ද සිදුකෙරිණි. උසස් ප්‍රමිතියකින් සහ විනයානුකූල ප්‍රතිපත්තිවලට අනුකූලව අටපිරිකර සැකසීම සම්බන්ධයෙන් අදහස් හා යෝජනා ඉදිරිපත් කිරීම ඇතුළු සුවිශේෂ කරුණු රැසක් ද මෙහිදී සාකච්ඡාවට බඳුන් වුණා.

ගෞරවනීය මහා සංඝරත්නය ඇතුළු සියලුම ආගමික පූජ්‍ය උතුමන් උදෙසා ක්‍රියාත්මක “දිවියට සුවයක්, දහමට සවියක්” ජාතික වැඩසටහනේ ප්‍රගතිය පිළිබඳව ද මෙහිදී කරුණු ඉදිරිපත් කෙරුණා.

එමෙන්ම, මහා සංඝරත්නය මුහුණපාන කාලීන ගැටලු සහ විවිධ අභියෝග පිළිබඳව ගෞරවනීය මහා සංඝරත්නය විසින් කරුණු පෙන්වා දෙනු ලැබුවා.

ඒ සම්බන්ධයෙන් ගත හැකි රාජ්‍ය මැදිහත්වීම් පිළිබඳව අමාත්‍යාංශ ලේකම්වරයා සහ අමාත්‍යවරයා විසින් පැහැදිලි කිරීම් සිදුකරනු ලැබුවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ආණ්ඩුවෙන් දෙකෙන් පංගුවක් මහණවෙලා හිටපු එවුන් - මේකේ ඉදලා ශාසනයම කාලා ගිය එවුන්..අද බනිනවා මුන්
01:39
Video thumbnail
ඉතාලි තානාපතිවරයා, ඇමති වසන්ත හමුවෙයි
01:34
Video thumbnail
බිරිඳගේ උපන්දිනයට සැමියා ගමටම දීපු එළවලු දන්සල
01:05
Video thumbnail
ගම්වලට බවුසර් මගින් පානීය ජලය බෙදාහැරේ
00:55
Video thumbnail
සර්වජන බලයේ මාධ්‍ය ලේකම් නාමල් එක්ක අත්වැල් බැඳගනී
00:25
Video thumbnail
නෑ නෑ.. ඒ මගේ කොල්ලා නෙමෙයි
00:43
Video thumbnail
SLFP 75ස් වෙනි සංවත්සරයේ අපේ ජයග්‍රහයණවලින් බිඳක් හෙළිකරනවා - මේවා මේ ආණ්ඩුවේ සැලසුම් නෙවෙයි
09:30
Video thumbnail
සෞඛ්‍ය ක්ෂේත්‍රයේ දැවැන්ත පරිවර්තනයක් - ආරෝග්‍යා සුවතා මධ්‍යස්ථාන 1000ක්
08:04
Video thumbnail
අපි හැප්පිලා බලමු ලාල් කාන්ත - මරණ සහතිකය ලියලා තමයි යන්නේ
10:13
Video thumbnail
160වෙනි පොලිස් සැමරුම වෙනුවෙන් පැවැත්වූ පාපැදි තරඟය - එක පොකුරට කට්ටිය තරඟ නිම කළ හැටි
02:37