බෝ නොවන රෝග පාලනයට ආරෝග්‍යා සුවතා මධ්‍යස්ථාන 1000ක් – 10කට මුල්ගල්

රට පුරා බෝ නොවන රෝග පාලනය හා වැළැක්වීමට ප්‍රමුඛත්වය ලබා දෙමින් ප්‍රාථමික සෞඛ්‍ය සේවාවේ නව හැරවුමක් සනිටුහන් කරන, “ආරෝග්‍යා” සුවතා මධ්‍යස්ථාන 1000ක් ඉදිකිරීමේ ජාතික වැඩසටහන යටතේ දිවයිනේ ප්‍රදේශ කිහිපයක නව ”ආරෝග්‍යා” සුවතා මධ්‍යස්ථාන 10ක් ඉදිකිරීම සඳහා මුල්ගල් තැබීම අද (01) සිදු කෙරුණා.

සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්සගේ ප්‍රධානත්වයෙන්, කළුතර දකුණ ”ආරෝග්‍යා ” සුවතා මධ්‍යස්ථානය සඳහා මුල්ගල් තැබීමෙන් මෙම වැඩසටහන නිල වශයෙන් ආරම්භ කරනු ලැබුවා.

මෙයට සමගාමීව ගාල්ල – අක්මීමන, හම්බන්තොට – ඕමාර, කෑගල්ල – දෙහිඕවිට, ගම්පහ – සූරියපාළුව, බදුල්ල-ගැමුණුපුර, නුව එළිය – පිටවල සහ පොළොන්නරුව හිඟුරක්ගොඩ CP පුර යන ප්‍රදේශවල ද ”ආරෝග්‍යා” සුවතා මධ්‍යස්ථාන ඉදිකිරීම සඳහා අද මුල්ගල් තැබීම සිදු වුණා.

“ආරෝග්‍යා” සුවතා මධ්‍යස්ථාන වැඩසටහන මගින් සෑම පුරවැසියෙකුටම පහසුවෙන් ප්‍රවේශ විය හැකි, ගුණාත්මක සහ ජනතා කේන්ද්‍රීය ප්‍රාථමික සෞඛ්‍ය සේවාවක් ලබාදීම අපේක්ෂා කෙරෙනවා.

මෙම මධ්‍යස්ථාන හරහා නව තොරතුරු තාක්ෂණ ක්‍රමවේද ඔස්සේ සෞඛ්‍ය සේවා ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇත.
අද දින මුල්ගල් තබන ලද ” ආරෝග්‍යා ” සුවතා මධ්‍යස්ථාන 10 ඉදිකිරීම් මෙම වසරේ දෙසැම්බර් වන විට අවසන් කිරීමට සැලසුම් කර ඇති අතර, මෙම වසරේ ඔක්තෝබර් වන විට තවත් මධ්‍යස්ථාන 25 ක ඉදිකිරීම් ආරම්භ කිරීමට නියමිතයි.

එක් ” ආරෝග්‍යා ” සුවතා මධ්‍යස්ථානයක ඉදිකිරීම් කටයුතු සඳහා රුපියල් මිලියන 60ක මුදලක් වෙන් කර තිබේ. 2026 සිට 2028 දක්වා කාල සීමාව තුළ අදියර ගතව මෙම වැඩසටහන දිවයින පුරා ක්‍රියාත්මක කිරීම නියමිතව තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ආයෙත් ඥාණසාර හිමිට ජම්පරේ අන්දවන්න දෙන්නේ නෑ - දීපු නිදහස රංජන්ට වගේ හරියට දෙන්න
04:43
Video thumbnail
ම#ණ දඬුවම නියම වූ අනෝජන් ගැන මිහින්තලේ හිමිගෙන් සුබ පණිවුඩයක් - ඔටුන්ට හිමි රජුගේ අවදානයට යොමුවෙලා
06:16
Video thumbnail
මින් පස්සේ සීසර්ලාට වාහනය කොල්ලකන්න බෑ
14:40
Video thumbnail
එක පෑන් පාරෙන් ඥාණසාර හිමිට ජනාධිපති සමාව දෙන්න - නිලධාරින්ට දඬුවම් දෙන්න
08:51
Video thumbnail
එදා රාජපක්ෂ යුගයේ තිබුණු මුරණ්ඩුකම අද JVP ආණ්ඩුවේ තියෙන්නේ
03:49
Video thumbnail
මානව හිමිකම් වෙනුවෙන් සිදුකරන මෙහෙවරට "දසත News " රන් සම්මානයෙන් පිදුම් ලබයි
07:32
Video thumbnail
නීතිය අකුරටම පිළිපදින ගැරඬියෙක්
00:34
Video thumbnail
සජිත් ආණ්ඩුවට කළ යෝජනාව - රට අවදානමට ලක් නොවන වැදගත් ආදේශකයන් අවශ්‍යයි
08:50
Video thumbnail
හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ සම්මානයෙන් පිදුම් ලබයි..
00:28
Video thumbnail
ලංකාවේ මිනිස්සු මේ වගේ චිත්‍රපට කවදාවත් බලලා නෑ
04:23