මහවෙල ප්‍රදේශයේ ඉඩමකින් සැකකටයුතු ලෙස මියගිය කාන්තාවකගේ සිරුරක් සොයාගැනේ

මහවෙල, මනින්ගමුව ප්‍රදේශයේ ඉඩමක කැලෑබද ප්‍රදේශයක තිබී නිරුවත්ව සැකකටයුතු ලෙස මියගොස් සිටි කාන්තාවකගේ මළ සිරුරක් සොයාගෙන තිබෙනවා.

මෙලෙස සොයාගෙන ඇත්තේ මනින්ගමුව, පල්ලේපොළ ප්‍රදේශයේ පදිංචිව සිටි 55 හැවිරිදි කාන්තාවකගේ සිරුරක් බවයි පොලිසිය පැවසුවේ.

අදාළ කාන්තාව නිවසේ නොමැති බවට කළ පැමිණිල්ලක් මත සිදුකළ සෝදිසි මෙහෙයුමක දී ඊයේ (27) මෙම සිරුර සොයාගෙන ඇති අතර, එය සොයාගන්නා අවස්ථාවේ දී හිස ප්‍රදේශයේ කැපුම් තුවාලයක් ඇති බවට නිරීක්ෂණය වී තිබෙනවා.

මෙය මනුෂ්‍ය ඝාතනයක් බවට පොලිසිය සැක පළකරන අතර, අවිවාහක මෙම කාන්තාව සිය සහෝදරගේ නිවසේ ජීවත්ව ඇති බවයි වාර්තා වන්නේ.

මෙම කාන්තාව ඇය පදිංචිව සිටි නිවස අසළ පිහිටි ඉඩමක මුරකරු ලෙස කටයුතු කර ඇති අතර, ඇයගේ සිරුර හමුව ඇත්තේ අදාළ ඉඩමේ කැලෑබද ප්‍රදේශයක තිබියදීයි.

සිද්ධිය සම්බන්ධයෙන් මහවෙල පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දිලුම්ගේ ආන්දෝලනාත්මක ප්‍රකාශයට දිලුම් සමාව ගයි..මට ලැබුණු ආරංචිය තමයි මම කිව්වේ
03:11
Video thumbnail
අනුර කුමාරට ගෝඨාභය මුණගැහෙයි - පරිස්සම් වෙන්න
03:58
Video thumbnail
හර්ෂට ලැබුණු විනාඩි 3න් ආණ්ඩුවට හොඳ පාඩමක් උගන්වයි
04:26
Video thumbnail
මස්කෙළියේ වාහන 28ක් තාවකාලිකව ධාවනයෙන් ඉවත් කරයි
02:44
Video thumbnail
ඉරාන්ගෙන් ක්‍රිකට් ව්‍යවස්ථාව ගැන විශේෂ ප්‍රකාශයක් - අපිට ආණ්ඩුවෙන් කිසිම බලපෑමක් නෑ
07:39
Video thumbnail
බල නහර ක#ගන්න එපා ජනාධිපතිතුමෝ - ප්‍රසාද් ජනාධිපතිගෙන් ඉල්ලයි
05:46
Video thumbnail
ලොරියක් අඩි 250ක ප්‍රපාතයකට පෙරළී සිදු වූ බිහිසුණු අනතුර
01:02
Video thumbnail
සලේ ඇත්තටම මේකට සම්බන්ධද ? සාටකත් ගෑවිලද ? නාමල් සියල්ලට පිළිතුරු දෙයි
02:09
Video thumbnail
"බෑග් එක ඇරලා බලද්දි අම්මගේ කකුල් දෙක දැක්කා"සීදූවම සලිත කළ සිද්ධියේ නවතම දර්ශන
05:43
Video thumbnail
චානකගෙන් භයානක හෙළිදරව්වක් - ආණ්ඩුවෙන් රට තුළට සුදු මැස්සෝ ගෙනල්ලා..?
06:25