spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

මහවෙල ප්‍රදේශයේ ඉඩමකින් සැකකටයුතු ලෙස මියගිය කාන්තාවකගේ සිරුරක් සොයාගැනේ

මහවෙල, මනින්ගමුව ප්‍රදේශයේ ඉඩමක කැලෑබද ප්‍රදේශයක තිබී නිරුවත්ව සැකකටයුතු ලෙස මියගොස් සිටි කාන්තාවකගේ මළ සිරුරක් සොයාගෙන තිබෙනවා.

මෙලෙස සොයාගෙන ඇත්තේ මනින්ගමුව, පල්ලේපොළ ප්‍රදේශයේ පදිංචිව සිටි 55 හැවිරිදි කාන්තාවකගේ සිරුරක් බවයි පොලිසිය පැවසුවේ.

අදාළ කාන්තාව නිවසේ නොමැති බවට කළ පැමිණිල්ලක් මත සිදුකළ සෝදිසි මෙහෙයුමක දී ඊයේ (27) මෙම සිරුර සොයාගෙන ඇති අතර, එය සොයාගන්නා අවස්ථාවේ දී හිස ප්‍රදේශයේ කැපුම් තුවාලයක් ඇති බවට නිරීක්ෂණය වී තිබෙනවා.

මෙය මනුෂ්‍ය ඝාතනයක් බවට පොලිසිය සැක පළකරන අතර, අවිවාහක මෙම කාන්තාව සිය සහෝදරගේ නිවසේ ජීවත්ව ඇති බවයි වාර්තා වන්නේ.

මෙම කාන්තාව ඇය පදිංචිව සිටි නිවස අසළ පිහිටි ඉඩමක මුරකරු ලෙස කටයුතු කර ඇති අතර, ඇයගේ සිරුර හමුව ඇත්තේ අදාළ ඉඩමේ කැලෑබද ප්‍රදේශයක තිබියදීයි.

සිද්ධිය සම්බන්ධයෙන් මහවෙල පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?