මහවැලිය අවට පහත් බිම්වල සුළු ගංවතුර තත්ත්වයක් ගැන අනතුරු ඇඟවීමක්

මහවැලි ගඟ අවට පහත්බිම් සඳහා සුළු ගංවතුර තත්ත්වයක් ඇතිවිය හැකි බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් දැනුම් දෙනවා.

මහවැලි ගංගාවේ ඉහළ ධාරා ප්‍රදේශයට පසුගිය පැය කිහිපය තුළ අධික වර්ෂාපතනයක් ලැබී ඇති බැවින්, පස්බාගේ කෝරළය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ මහවැලි ගඟ අවට පහත්බිම් ප්‍රදේශවෙත සුළු ගංවතුර තත්ත්වයක් ඇතිවීමේ අවදානමක් පවතින බවද එම දෙපාර්තමේන්තුව දැනුම්දී තිබෙනවා.

ඒ අනුව, එම ප්‍රදේශවල වෙසෙන ජනතාවගෙන් හා ඒ හරහා වැටී ඇති මාර්ග භාවිත කරන රියදුරන්ගෙන් මේ පිළිබඳව දැඩි සැලකිල්ලෙන් යුතුව කටයුතු කරන මෙන් එම දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ සඳහන්.

තවද එම ප්‍රදේශවල මහවැලි ගඟට ආසන්නව පදිංචි මහජනතාවද මේ සම්බන්ධව අවදානයෙන් පසුවන ලෙසත් ඇතිවිය හැකි ගංවතුර තත්ත්වයකින් ආරක්ෂාවීමට කටයුතු කරන ලෙසත් එම දෙපාර්තමේන්තුව ඉල්ලා සිටිනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාවික හමුදාව වෙරළට බැහැලා දුන්න ෆුල් සුද්දය
00:49
Video thumbnail
කැමරාවේ සටහන් වූ අදාහා ගත නොහැකි දේ
00:49
Video thumbnail
නාමල් කරුණාරත්න ගැම්මට කිව්ව කතාව - වේගයෙන්ම සංවර්ධනය වන රටවලින් ලංකාව 4වෙනි තැනට ආවනේ
02:24
Video thumbnail
පොහොර ගැන කිසි ප්‍රශ්නයක් තියාගන්න එපා..හිඟයකින් තොරව දෙනවා
02:57
Video thumbnail
ජන බලයෙන් කළ හැකිදේ හෑල්ලුවට ලක් කරන්න එපා - සජිත් සැරවෙයි
13:18
Video thumbnail
නාවික හමුදාව වෙරළට බැහැලා දුන්න ෆුල් සුද්දය - කට්ටිය බැහැලම වැඩ
01:22
Video thumbnail
නිලධාරියෙක් නීතිය උල්ලංඝණය කළත් තනතුර නොබලා දඬුවම් කරනවා - හර්ෂණගෙන් සැර කතාවක්
04:15
Video thumbnail
බන්ධනාගාර තදබදය ගැන හර්ෂණ කට අරියි - බන්ධනාගාරයේ බිත්ති හතර ඇතුළේ තියෙන ප්‍රශ්නයක්ම නෙවෙයි
03:21
Video thumbnail
සීට් බෙල්ට් නීතිය අකුරටම ක්‍රියාත්මක කරන පොලිසිය
01:15
Video thumbnail
සිව් දෙනෙක් දිය රකුසට හ#වූ ඛේදවාචකය
01:17