මහරගම නගරාධිපති ටිරාජ් ලක්රුවන් පියරත්නගේ නිල කැබ් රථයේ ටයර්වලට තියුණු ආයුධයකින් ඇන බරපතල අලාභානි සිදු කළ වැඩ පරීක්ෂකවරයෙකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
සැකකරු එම නගර සභාවේ ම වැඩ පරීක්ෂකවරයෙක් බවටයි අනාවරණ වී ඇත්තේ.
නගරාධිපතිවරයා සිය කැබ් රථය මහරගම නගර සභා ප්‍රධාන කාර්යාලයේ නතර කර තිබියදී සැකකරු මෙලෙස අලාභානි සිදු කර ඇතැයි සඳහන්.
මේ හේතුවෙන් කැබ් රථයේ රෝද හතරේම හුළං බැස ගොස් තිබෙනවා.
සැකකරු නගරාධිපතිවරයා සමග පවතින මතභේදාත්මක තත්ත්වයක් මුල්කරගෙන මෙය සිදු කර ඇති බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී තිබෙනවා.
අත් අඩංගුවට ගත සැකකාර වැඩ පරීක්ෂකවරයා නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණය වෙත අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
1
1
1
1
1
1