spot_img
AFC Banner
Empty Ad
Empty Ad

මහබාගේ වෙඩි තැබීමක්

මහබාගේ පොලිස් වසමේ ඇලපිටිවල හන්දිය ආසන්නයේ දී අද (21) උදෑසන සිදු වු වෙඩි තැබිමකින් පුද්ගලයෙකු මිය ගොස් තිබෙනවා.

ඇලපිටිවල හන්දිය ආසන්නයේ මස් වෙළඳසැකල හිමිකරුට යතුරුපැදියකින් පැමිණි නාදුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් මෙම වෙඩි තැබීම සිදු කර පලා ගොස් තිබුණා.

වෙඩි වැදීමෙන් බලපතල තුවාල ලැබූ පුද්ගලයා රාගම රෝහලට ඇතුලත් කිරීමේ දී මිය ගොස් තිබෙනවා.

මිය ගිය පුද්ගලයා 39 හැවිරිදි කඳාන ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

මරණකරු වැල්ලේ සාරංග නැමති සංවිධානාත්මක අපරාධකරුගේ ඥාතියෙකු වන බවට තොරතුරු අනාවරණය වී ඇති බව සඳහන්.

වෙඩි තැබීමට හේතුව මෙතක් අනාවරණය වී නොමැති අතර මෘත ශරීරය රාගම රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර තිබෙනවා.

සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා මහබාගේ පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
3
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?