අද (30) උදෑසන 9. 30 සිට දහවල් 12.00 දක්වා මහනුවර නගරය ආවරණය වන පරිදි විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක කරන බව පොලිසිය පවසයි.
මහනුවර ජනාධිපති මන්දිරයේදී විදේශ තානාපතිවරුන් 12 දෙනෙකු සඳහා අක්තපත්‍ර ප්‍රදානය කිරීමේ උත්සවයක් පැවැත්වෙන බැවින් මෙම විශේෂ රථවාහන සැලැස්ම ක්‍රියාත්මක වේ.ඒ අනුව, තානාපතිවරුන් ජනාධිපති මන්දිරය දක්වා ගමන් කිරීමේදී පහත සඳහන් මාර්ගයන්හි උදෑසන 05.00 සිට සිට දහවල් 12.00 දක්වා මාර්ගය දෙපස රථ වාහන නැවැත්වීම සඳහා අවසර නොදෙන නමුත් එම මාර්ගයන්හි රථවාහන ධාවනය කිරීමට හැකියාව පවතී.
අදාළ මාර්ගයන් පහත පරිදි වේ.
ඩී. එස්. සේනානායක විදීය , නගර සභා හන්දියේ සිට කුවින්ස් හෝටලය හන්දිය දක්වා, දළදා වීදීය, කුවින්ස් හෝටලය හන්දියේ සිට දළඳා විදීය කොටුගොඩැල්ල විදීය හන්දිය දක්වා, කොටුගොඩැල්ල වීදිය දළඳා වීදිය හන්දියේ සිට කොටු ගොඩැල්ල වීදිය රජ වීදිය හන්දිය දක්වා
, රජ වීදිය කොටුගොඩැල්ල වීදිය හන්දියේ සිට ජනාධිපති මන්දිරය දක්වාත් වූ මාර්ගයන්.
මෙම කාලය තුළ මහනුවර නගරයේ සිට කටුගස්තොට දෙසට ගමන් කරනු ලබන රථ වාහන සහ කටුගස්තොට දෙස සිට මහනුවර දෙසට ගමන් කරනු ලබන රථවාහන තිලක් රත්නායක මාවත ඔස්සේ ගමන් කරවීමට සැලසුම් කර ඇත














