මහජන සෞඛ්‍ය පරික්ෂකවරයෙකුගේ නිවස තුල ගංජා පැළ තොගයක්

රත්නපුර ගොඩකවෙල මහජන සෞඛ්‍ය පරික්ෂකවරයෙකුගේ නිවස තුල මල් පොච්චි තුල වගාකර තිබු අඩි තුනක් පමණ උස ගංජා ගස් විසිපහක් ඊයේ (22) දින පස්වරුවේ දි අත්අඩංගුවට ගත් ගොඩකවෙල පොලිසිය පවසයි.

ගොඩකවෙල පොලිසියට ලද තොරතුරක් මත එම නිවස පරික්ෂාවට ලක් කල අවශ්ථාවේ නිවසේ ආලින්දයේ තබා තිබු බුදුන් වහන්සේ අසන්නයේ සහ නානා කාමර තුල ඇතුළු නිවසේ ස්ථාන කිපයක තිබි අඩි තුනක් පමණ උස ගංජා ගස් විසි පහක් පමණ සොයා ගත් බව පොලිසිය පවසයි. එම අවශ්ථාවේ මහජන සෞඛ්‍ය පරික්ෂකවරයා නිවසේ නොසිටි ඇති අතර ඔහුගේ බිරිදගේ පියා අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අද (23) දින ඇඹිලිපිටිය අධිකරණයට සැකකරු සහ ගංජා ගස් ඉදිරිපත් කිරිමෙන් පසු එහි මහේස්ත්‍රාත් තිළිණ මහේෂ් පිරිස් මහතා විසින් සැකකරු විසින් වරද පිළි ගැනිම මත රුපියල් හය දහසක (6000) දඩයක් නියම කර නිදහස් කර තිබේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
2
+1
7
+1
1
+1
0
+1
1
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඇඹිලිපිටිය වැවක දියේ ගිලී දෙන්නෙකුට ජීවිතය අහිමිවෙයි
01:10
Video thumbnail
වාර්තාගත ලාභ ඇතිවීම ගැන ලංගම සභාපති ගැම්මට කිව්ව කතාව..දශක කිසිපයක වැඩ එකතුවෙලා වෙන සති තියෙනවා
03:32
Video thumbnail
ඇඹිලිපිටිය වැවක දියේ ගිලී දෙන්නෙකුට ජීවිතය අහිමිවෙයි
01:46
Video thumbnail
හිටපු හොරුන්ටත් වඩා මුන් පට්ටපල් හොරුවෙලා..අපිලාගේ සාදූ කුපිත වී හොඳම එකෙන් අමතයි
06:21
Video thumbnail
මාලිමා කට්ටියගේ මන්ත්‍රීකම සහ ඇමතිකම තනතුර අහෝසි විය යුතුයි
13:49
Video thumbnail
කාසල්රි ජලාශය ක්‍රිකට් ග්‍රවුන්ඩ් එකක් වෙයි
02:44
Video thumbnail
වහාම ක්‍රියාත්මක වන පරිදි මට පොලිස් ආරක්ෂාව දෙන්න..මට ගොඩක් තර්ජන තියෙනවා..
03:33
Video thumbnail
අලුත් අවුරුදු සමරන්න ඇවිත් සහෝදරයින් තිදෙනෙකුට අත්වූ ඛේදනීය ඉරණම
01:11
Video thumbnail
නුවරඑළිය වසන්තය බලන්න විශාල සෙනඟක් එයි
01:40
Video thumbnail
දුම්රියෙන් පැමිණි පිරිස සතුටින් කිව්ව දේ.."සතුටු වෙන්න පුළුවන් තත්ත්වයක් තිබ්බා..වෙලාවට ආවා"
02:58