මල්වානේ හිමිකරුවෙක් නැති ඉඩම ඵලදායී ව්‍යාපෘතියකට යොදවන්න පියවර (වීඩියෝ)

පසුගිය කාලසීමාවේදී මහත් ආන්දෝලනයකට තුඩු දුන් හිටපු ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂට අයත් බව පැවසූ නමුත් මේ වනවිට හිමිකරුවෙක් නොමැති මල්වානේ පිහිටි ඉඩම ඵලදායී සංවර්ධන ව්‍යාපෘතියක් සදහා යෙදවීමට කඩිනම් පියවර ගන්නා බව අධිකරණ බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ ප්‍රකාශ කළා.

ඒ අදාල ඉඩම සම්බන්ධයෙන් ගන්නා ඉදිරි ක්‍රියාමාර්ග පිලිබද තීරණය කිරීම සදහා ඊයේ (21) දිනයේ දී මෙම ඉඩම නිරීක්ෂණය සදහා පැමිණි අවස්ථාවේදීයි.

බියගම, මල්වානේ ප්‍රදේශයේ පිහිටි අක්කර 12 පමණ වපසරියකින් යුත් මෙම ඉඩම පිළිබඳ තොරතුරු කරලියට පැමිණෙන්නේ 2014 වසරේ එවකට පැවති රජය පෙරලා දමමින් යහපාලන රජය බලයට පත්වීමත් සමගයි.

අනතුරුව පොලිස් මූලස්ථානයේ ස්ථාපිත කර තිබූ මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය හරහා රාජපක්ෂ ආණ්ඩුව විසින් සිදුකරන ලද වංචා දූෂණ සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කළ අතර එහිදී අනාවරණය වී තිබුණේ හිටපු ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂගේ සෘජු අධීක්ෂනය යටතේ මෙම ඉඩම සංවර්ධන කිරීම් හා ඉදිකිරීම් සිදුව ඇති බවයි.

කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් පැවති නඩු විභාගයේ දී අදාල ඉඩමෙහි ඔප්පුවෙහි නම් සදහන් පුද්ගලයින් විසින් එය තමන්ට අයිති නොමැති බව ප්‍රකාශ කිරීමත් සමඟ වත්මන් අධිකරණ බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ විසින් ඉදිරිපත් කළ විශේෂ අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක් හරහා රජයට පවරා ගැනුණා.

ඒ් අනුව, හිමිකරුවෙක් නොමැති සුඛෝපභෝගී නිවස සහ අක්කර 15 ක් පමණවන මෙම ඉඩම නිරීක්ෂනය කිරීම සඳහා අමාත්‍ය විජයදාස රාජපක්ෂ ඊයේ (21) පස්වරුවේ පැමිණියා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අධිකරණයට කිසිම බලපෑමක් 22වන සංශෝධනයෙන් වෙන්නේ නෑ
03:56
Video thumbnail
එකපාරටම පාරට පැන්න බල්ලෙක් කරපු විනාශය
00:32
Video thumbnail
මගේ මහත්තයාට අපහාස කරන්න එපා - බදුල්ල වෛද්‍යවරයාගේ බිරිඳ කඳුළු සලයි
12:55
Video thumbnail
නයෙක් නිසා උඩුයටිකුරු වුණ දඹුල්ල රෝහල - "නයි හාමි කරදර නොකර යන්න.."
01:48
Video thumbnail
මේ ප්‍රතිසංස්කරණය අවශ්‍යයි..ජනතාවට කිසිම හානියක් වෙන්නේ නෑ - 159ක් තෝරලා එව්වේ මේකට
06:54
Video thumbnail
නබිතුමාගේ ජන්ම දිනය වෙනුවෙන් සැරසුණු කොළඹ මහනගර සභාව
00:42
Video thumbnail
අනුරගේ ඇඟ පුරා මොළේ කියලා හිතාගෙන හිටියේ - පුස්සක්නේ
11:35
Video thumbnail
ආණ්ඩුවට විරුද්ධව පාරට බැස්ස පිරිසගෙන් රතු එළියක්
03:28
Video thumbnail
හොරට වී කිරපු මුදලාලිට ගොවියෝ එකතුවෙලා උගන්නපු පාඩම
01:42
Video thumbnail
නීතිඥයින්ගෙන් විපක්ෂයට දැඩි චෝදනා ?වරප්‍රසාදවලට මුවාවෙලා මේ කරන්නේ අපහාසයක්
06:32