spot_imgspot_img

මල්ලී වෙනුවට සිංහල පේපරේ ලියන්න ආ අයියා අත්අඩංගුවට

2022 වර්ෂයට අදාළ අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය ඊයේ (08) අවසන් වුණා.

විභාගයේ අවසන් දිනය වූ ඊයේ දිනයේ දී දෙණියාය, පල්ලේගම මහා විද්‍යාලයේ පිහිටි විභාග මධ්‍යස්ථානය තුල දී සිදුවූ විභාග අක්‍රමිකතාවක් පිළිබඳ තොරතුරුක් වාර්තා වනවා.

මෙහිදී ඊයේ දින පැවති දෙවන බස සිංහල විෂය නියමිතව ප්‍රශ්න පත්‍රය සඳහා පිළිතුරු සැපයීමට අයදුම්කරු වෙනුවට ඔහුගේ සහෝදරයෙකු විභාගයට පෙනී සිට ඇති බවයි වාර්තා වුණේ.

මේ පිළිබඳව දෙණියාය, පල්ලේගම මහා විද්‍යාලයේ විහාග මධ්‍යස්ථානයේ ශාලාධිපතිවරයා විසින් පොලිසිය දැනුවත් කිරීමට කටයුතු කර ඇති බව සඳහන්.

අනතුරුව දෙණියාය පොලිසියේ නිලධාරී කණ්ඩායමක් විභාග ශාලාව වෙත පැමිණ සැකකරු අත්අඩංගුවට ගැනීමට කටයුතු කර තිබෙනවා.

එහිදී සිදුකළ ප්‍රශ්න කිරීම් වලදී අනාවරණය වී ඇත්තේ විභාගයට අපේක්ෂිත ශිෂ්‍යා වෙනුවට ඔහුගේ වැඩිමල් සහෝදරයා ඉදිරිපත්ව ඇති බවයි.

ඒ, අනුව අත්අඩංගුවට ගත් සැකකරු අද (09) දින මොරවක මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවයි පොලිසිය සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
5
+1
2
+1
2
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

අපගේ නවතම පුවත්

සතියේ පලවු තවත් පුවත්

?