මන්දනා 2024 වසරේ එක්දින ක්‍රීඩිකාව වෙයි

2024 වසරේ කාන්තා එක්දින ක්‍රිකට් ක්‍රීඩිකාව ලෙස ඉන්දීය ආරම්භක පිතිකාරිණිය වන ස්මිත්‍රි මන්දනා නම්කර තිබෙනවා.

ICC විසින් අදාළ නාමය අද (27) දිනයේ දී ප්‍රකාශයට පත් කරනු ලැබූ අතර මන්දනා පසුගිය වසර තුළ එක්දින තරගවල දැක්වූ දක්ෂතාව මීට හේතුව වී ඇති බවයි වාර්තා වන්නේ.

ඇය 2024 වර්ෂයේ පැවති එක්දින තරගවල දී විශාල ලකුණු ප්‍රමාණයක් රැස් කරගෙන තිබෙනවා.

ඇය එක්දින තරග 13ක දී ලකුණු 747ක් තමන් නමින් ලබාගෙන සිටිනවා.

වසර පුරා පළපුරුදු ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩිකාවක් වන මන්දනාගේ කැපී පෙනෙන සාධකයක් වූයේ දුෂ්කර තරගාවලිවල දී විශාල ලකුණු ලබා ගනිමින් ඉහළ මට්ටමේ ප්‍රතිවාදීන්ට එරෙහිව ඇගේ උපරිමය ලබා ගැනීමට ඇය සමත් වූ ආකාරයයි.

ජුනි මාසයේදී දකුණු අප්‍රිකාවට එරෙහිව පැවති එක්දින තරග ත්‍රිත්ත්වය ම 3-0ක් ලෙස ජය ගැනීමත් එහිදී ඇය අඛණ්ඩ ව ශතක ලබා ගැනීම ද සඳහන් කළ හැකි වනවා.

ඔක්තෝම්බර් මාසයේ දී නවසීලන්තයට එරෙහිව පැවති තරගාවලියේ තීරණාත්මක තරගයේ දී ද කැපී පෙනෙන ශතකයක් වාර්තා කිරීම මෙන් ම දෙසැම්බර් මාසයේ දී ඔස්ට්‍රෙලියාවට එරෙහිව පර්ත් හි දී පැවති තරගයේදිත් ශතකයක් ලබා ගැනීම මන්දනාගේ දැවැන්ත පිතිකරණ හැකියාව පෙන්නුම් වනවා.

මන්දනා මීට පෙර මෙම සම්මානය 2018 සහ 2021 දී ද දිනාගෙන තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පෙරහරට කලින් නුවරට වහින මහ වැස්ස.."ඊයේ හොඳයි වගේ.."මිනිස්සු තෙමෙනවා
00:16
Video thumbnail
YouTube Interviewවලට අපි උත්තර දෙන්නේ නෑ - සමාජයට හානිකරන මිනිස්සු එළියට එවන්න නෙවෙයි හදන්නේ
04:17
Video thumbnail
කච්චිමඩුව වැව ප්‍රතිසංස්කරණය ඇමති ලාල් කාන්තගේ අතින් ඇරඹේ
00:53
Video thumbnail
වතුර නැතුව ගොවීන් අමාරුවේ වැටෙයි
01:04
Video thumbnail
බස් එකේ ගල් ඉබ්බන් අරගෙන ගිය පුද්ගලයෙක් අත්අඩංගුවට
00:59
Video thumbnail
එකපාරටම පාරට පැන්න බල්ලෙක් නිසා සිදු වූ අනතුර
00:28
Video thumbnail
දක්ෂිණ අධිවේගී මාර්ගයේ දැඩි රථවාහන තදබදයක්
01:22
Video thumbnail
අනුරාධපුර බන්ධනාගාරයට ගියඅධිකරණ ඇමති මාධ්‍යට කිව්ව දේ - මේක එක ආණ්ඩුවක් පිට දාන්න බෑ
03:51
Video thumbnail
ආණ්ඩුව යටින් ගේමක් ගහන්නේ - මුජිබුර්ගෙන් හෙළිදරව්වක්
12:04
Video thumbnail
ගොවියා කුඹුරෙන්ම ජීවත්වෙන්න හිතන්න හොඳ නෑ - ලාල් කාන්ත මොකද්ද මේ කියන්නේ
04:38