මන්ත්‍රී රෝහණ බණ්ඩාරට නිර්නාමික ලිපි මගින් මරණ තර්ජන

සමගි ජන බලවේගය පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහණ බණ්ඩාර මහතාට මරණ තර්ජන එල්ල කර තිබෙන බවට තොරතුරු වාර්තා වනවා.

මන්ත්‍රීවරයා පැවසුවේ, තමන් හට නිර්නාමික ලිපි මගින් අදාළ මරණ තර්ජන සිදු කළ බවයි.

එම ලිපිවල සඳහන් වන්නේ; මැදවච්චිය හා කැබිතිගොල්ලෑව ප්‍රාදේශීය සභා පිහිටුවා අවසන් බවත්, වෙන යම් කිසි දෙයක් සිදු කිරීමට හෝ බලය ලබා ගැනීමට උත්සාහ නොකරන ලෙසත්, එසේ කළහොත් අවසානයේ මරණය අත්වන බවත් දැක්වෙන බවයි.

ජාතික ජන බලවේගය පක්ෂයේ කණ්ඩායමක් විසින් තමන් හට මෙලෙස මරණ තර්ජන ඇතුළත් ලිපි යොමු කරන්නට ඇති බවට රෝහණ බණ්ඩාර මන්ත්‍රීවරයා සැකපළ කරනවා.

අදාළ සිදුවීම ගැන අනුරාධපුර පොලිසියට අද (15) මන්ත්‍රීවරයා විසින් පැමිණිල්ලක් ද ගොනු කරනු ලැබුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
0
+1
16
+1
1
+1
1
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?