බස්නාහිර, සබරගමුව, මධ්‍යම, ඌව සහ නැගෙනහිර පළාත්වලට අද වැසි

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, ඌව සහ නැගෙනහිර පළාත් වලත් පොළොන්නරුව, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (02) පස්වරු 1.00 න් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා.

දකුණු පළාතෙත් කළුතර සහ කොළඹ දිස්ත්‍රික්කවලත් වෙරළබඩ ප්‍රදේශවල අද (02) උදෑසන කාලයේදීත් වැසි ඇති විය හැකියි.

ගිගුරුම් සහිත වැසි සමඟ ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !