රාගල පොලිස් වසමේ බෘක්සයිඩ් වතුයායාට අයත් තේ කර්මාන්තශාලාවක ඊයේ (01) රාත්‍රියේ හදිසි ගින්නක් හටගෙන තිබෙනවා.
ගින්න මැඩ පැවැත්විමට නුවරඑළිය ගිනි නිවන ඒකකය, පොලිසිය හා ප්‍රදේශවාසීන් එක්ව කටයුතු කර ඇති අතර, ගින්නෙන් කර්මාන්තශාලාවට දැඩි අලාභ හානි සිදුව ඇති බවයි වාර්තා වන්නේ.
ගින්නෙන් තුවාල හෝ ජීවිත හානි කිසිවක් සිදුව නොමැති බව රාගල පොලිසිය සඳහන් කළා.
ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර රාගල පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
1
+1
+1













