විදුලි බිල යළිත් වතාවක් ඉහළ දැමිය යුතුව ඇතැයි විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පාර්ලිමේන්තුවේ දී පැවති ජාතික සභාවේ දී ප්‍රකාශ කර තිබෙනවා.
අගෝස්තු මාසයේදී විදුලි බිල ඉහළ දැමීමෙන් පසුව ද ලංකා විදුලිබල මණ්ඩලය තවමත් රුපියල් බිලියන 12ක් පමණ පාඩුවක් විඳීමට සිදුව ඇති බවයි ඔහු සඳහන් කර ඇත්තේ.
ඒ අනුව එම පාඩුව මගහරවා ගැනීමට යළිත් වරක් විදුලි බිල ඉහළ දැමීමට සිදු වනු ඇතැයි ද ඔහු සඳහන් කළා.
විදුලි බිල ඉහළ නොදමන්නේ නම් සහනාධාරයක් ලබාදීමට සිදුවනු ඇතැයි ද අමාත්‍යවරයා තවදුරටත් සඳහන් කර තිබෙනවා.













