මණ්ඩලයට තවමත් පාඩුයි – විදුලි බිල යළි ඉහළ දැමිය යුතුයි

විදුලි බිල යළිත් වතාවක් ඉහළ දැමිය යුතුව ඇතැයි විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පාර්ලිමේන්තුවේ දී පැවති ජාතික සභාවේ දී ප්‍රකාශ කර තිබෙනවා.

අගෝස්තු මාසයේදී විදුලි බිල ඉහළ දැමීමෙන් පසුව ද ලංකා විදුලිබල මණ්ඩලය තවමත් රුපියල් බිලියන 12ක් පමණ පාඩුවක් විඳීමට සිදුව ඇති බවයි ඔහු සඳහන් කර ඇත්තේ.

ඒ අනුව එම පාඩුව මගහරවා ගැනීමට යළිත් වරක් විදුලි බිල ඉහළ දැමීමට සිදු වනු ඇතැයි ද ඔහු සඳහන් කළා.

විදුලි බිල ඉහළ නොදමන්නේ නම් සහනාධාරයක් ලබාදීමට සිදුවනු ඇතැයි ද අමාත්‍යවරයා තවදුරටත් සඳහන් කර තිබෙනවා.