spot_img
AFC Banner
Empty Ad
Empty Ad

මට භික්‍ෂූන් වහන්සේ නමක් කෝටි තුනක් දුන්නා – චන්ද්‍රිකා හෙලිදරවුවක

තමන් ජනාධිපති ලෙස ජපානයේ කළ නිල සංචාරයක දී එහි වෙසෙන භික්ෂූන් වහන්සේ නමක් තමන්ට රුපියල් කෝටි තුනක මුදලක් ලබාදුන් බවත් තමන් එය ඉතා ගෞරවයෙන් ප්‍රතික්ෂේප කළ බවත් හිටපු චන්ද්‍රිකා ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය සඳහන් කරයි.

අදට යෙදී ඇති විජය කුමාරතුංග මහතාගේ ජන්ම දිනය වෙනුවෙන් තම සමාජ ජාල ගිණුමේ සටහනක් තබමින් ඇය මේ බව කියා සිටියි.

එම සම්පූර්ණ සටහන මෙසේය.

ජනාධිපති ලෙස මා ජපානයේ කළ නිල සංචාරයකදී මා හමුවීමට පැමිණි මහායානික භික්ෂුන් වහන්සේ නමක්, හමුව අවසානයේ මට ලංකා මුදලින් කෝටි තුනක මුදලක් ලබා දෙන බව පවසමින් පාර්සලයක් පිරිනැමීය. මම එම ත්‍යාගය ඉතා ගෞරවයෙන් ප්‍රතික්ෂේප කළෙමි.

එවිට උන්වහන්සේ නොසතුටට පත්විය. තත්ත්වය තේරුම් ගත් එතැන සිටි ජෙයරාජ් ප්‍රනාන්දුපුල්ලේ නියෝජ්‍ය අමාත්‍යවරයා මේ මුදලින් විජයගේ ගමේ ඔහු නමින් රෝහලක් ඉදිකිරීමට යෝජනා කළේය.

සීදුව විජය කුමාරතුංග රෝහලේ අතීත කතාව එයයි. අද ද මාගේ සැලකිය යුතු කාලයක් ඒ රෝහලේ ප්‍රවර්ධනය වෙනුවෙන් කැප කරමි. ඔහු වෙනුවෙන් සිදු කරන ඵලදායී පින්කමක් ලෙස සලකා ඉදිරියට ද එහි උන්නතිය වෙනුවෙන් කැපවෙමි.

විජය ඔබට සුබ උපන් දිනයක් !

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
118
Subscribe
Notify of
3 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?