භාවිතයට නුසුදුසු පලිබෝධනාශක බෙදූ අයෙකු අත්අඩංගුවට

මෙරට භාවිතය නුසුදුසු බවට නිර්දේශ කර ඇති Ammonium salt of glyphosate නමින් හඳුන්වන විදේශිය නිෂ්පාදිත කෘෂි රසායන තොගයක් මෝටර් රථයකින් අළෙවි කිරීම සඳහා රැගෙන යමින් සිටි පුද්ගලයෙකු දිවුලපිටිය පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒකල ගුවන් හමුදා කඳවුරේ බුද්ධි අංශය මගින් මෙම ජාවාරම අනාවරණය කරගෙන ඇති අතර සැකකරු සන්තකයේ තිබූ පලිබෝධ නාශක පැකට් 2000 ක් පොලිසිය භාරයට ගෙන තිබෙනවා.

ඒවා පලිබෝධ නාශක රෙජිස්ටාර්වරයාගේ ලිඛිත අවසරයක් නොමැතිව තීරු බදු නොගෙවා මෙරටට ගෙන්වා ඇති බවටයි අනාවරණය වී තිබෙන්නේ.

සැකකරු වයස අවුරුදු 40 ක් වන මොරගොල්ලාගම පදිංචිකරුවෙකු වන අතර ඔහුට එරෙහි අධිකරණ නියෝග ලබාගෙන අදාළ පළිබෝධනාශක සාම්පල පළිබෝධ රෙජිස්ට්‍රාර්වරයා වෙත ඉදිරිපත් කර වාර්තාවක් ලබාගැනීමට පොලිසිය අපේක්ෂා කරනවා .

සැකකරු අද මිණුවන්ගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
0
අවුල් වගේ !
0
හරි හිනා !
0
හම්මෝ !
1
මාර දුකයි !
0
මලපනිනව !
0
කුජීතයි !
0
spot_img
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
spot_img

සතියේ ජනප්‍රියම පුවත්

අපගේ නවතම පුවත්

?